Colombo Today Local News

ඤාණසාර හිමිගේ අභියාචනය සලකා බැලීම ජූලි මසට කල් යයි..

අතුරුදහන් වු මාධයවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිද ගොනු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් තමා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා කළ නියෝගය නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසට ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (18) දින ශ්‍රේෂ්ඨාධිකරනයේ දී කැදවනු ලැබුවා .

ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම ජූලි මස 2 දා සිදු කිරීමට අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් ප්‍රමුඛ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල දින ලබා දුන්නා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඥාණසාර හිමි වරදකරු වී සිර දඩුවම් විදින බවත් එම නඩු තීන්දුවට එරෙහිව අභියාචන පෙත්සමක් ගොනු කර ඇති බව පෙත්සම්කරුගේ නීතිඥවරයා අධිකරණයට දැන්විය.

තමා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා කළ නියෝගය තුලින් තමාගේ මූලික අයිතිවාසිකම් ද උල්ලංඝනය වී ඇති බවටද ප්‍රකාශයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.

2916 ජනවාරි මස 25 දා අධිකරණ භූමිය තුළ ප්‍රකාශය තුලින් තර්ජනයක් හෝ හානියක් ගම්‍යමාන නොවන බවත් ඒ සම්බන්ධයෙන් තමා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය නීති විරෝධී බව පෙත්සම්කරු සඳහන් කර සිටිනවා.

මෙම පෙත්සමින් නීතිපතිවරයා, පොලිස්පතිවරයා, හෝමාගම මුලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා වග උත්තරකරුවන් ලෙස නම් කොට තිබෙනවා.

Nethnews

Related posts

කොරෝනා එන්නත විද ගත් පළමු ඇමති

colombotoday

ආචාර පෙළපාළි, වෙඩිමුර නෑ.. රණවිරු දිනය නිමිත්තෙන් යාපනයේ කසල ශෝධනයට හමුදාව යොදවයි

colombotoday

සති අන්තයෙත් විදුලි කප්පාදුවක්

Admin

කාන්තා මැත්පැන් තහනමට නි.ඇමති හර්ෂගේ විරෝධය

colombotoday

අදත් පැය 2 ක විදුලි කප්පාදුවක්

colombotoday

යොවුන් පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීමට මුස්ලිම් පල්ලිය කරන කුමන්ත්‍රණය !

colombotoday