Colombo Today Local News

ජුනි මස 21 වන දා අර්ධ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක්

2020 ජුනි මස 21 වන ඉරු දින සිදුවන වලයාකාර සූර්යග්‍රහණය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ජනතාවට හිමිවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

මෙම අර්ධ සූර්යග්‍රහණයේ ආරම්භක අවස්ථාව යාපනයේ ඩෙල්ෆ් දුපත ආශ්‍රිත ප්‍රදේශයට දිස්වන අතර එය 21 වන දා උදෑසන 10:23ට පමණ සිදුවීමට නියමිතය.

එදින චන්ද්‍රයා මගින් සූර්යයාගේ මුහුණත ආවරණය වීමේ උපරිම ප්‍රමාණය 24% වන අතර එය කයිට්ස්, කන්කසන්තුරෙයි, වැල්වැටිතුරෙයි, පේදුරු තුඩුව ආදී ප්‍රදේශ වලටද නිරීක්ෂණය වනු ඇත.

කොළඹ ප්‍රදේශයට මෙම අර්ධ සූර්යග්‍රහණය නිරීක්ෂණය වීම උදෑසන 10:29 ට පමණ ආරම්භ වී උදෑසන 11:51 වන විට එහි උපරිමයට ළඟා වී දහවල් 1:19ට පමණ අවසන් වන අතර කොළඹ සිට නිරීක්ෂණය කරනවිට උපරිම වශයෙන් සුර්යයාගේ මුහුණතෙහි 16.5% ක ප්‍රමාණයක් චන්ද්‍රයා මගින් ආවරණය වෙතැයි සඳහන් වේ.

මෙම අර්ධ සූර්යග්‍රහණය පියවි ඇසින් නිරීක්ෂණය නොකළ යුතු අතර එය නිරීක්ෂණය කරන විශේෂිත කණ්ණාඩියක් හෝ නොම්මර 14 වෑල්ඩින් වීදුරුවකින් භාවිත කළ යුතුය.

මෙම අර්ධ සුර්යග්‍රහණය ආතර් සී ක්ලාක් මධ්‍යස්‌ථානයේ ඇති නවීන දුරේක්ෂ ආධාරයෙන් පරීක්ෂණ මට්ටමින් නිරීක්ෂණය කරන බවත් ඔවුන්ගේ www.accimt.ac.lk වෙබ් අඩවිය වන මඟින් ජනතාවට නැරඹීමට අවස්ථාව උදාවන බවත් එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රදේශ කීපයක මෙම අර්ධ සුර්යග්‍රහණය ආරම්භවන සහ අවසන් වන වේලාවන් සහ ඒ ඒ ප්‍රදේශවලදී සුර්යයා චන්ද්‍රයා මගින් ආවරණය වන ප්‍රතිශතයන් මෙහි දැක්වේ.

Related posts

කොලඹ සුපිරි නිවාස සංකීර්ණයකින් කොරෝනා.. වසා දමයි

colombotoday

පළාත් සභා අයවැය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹූ මන්ත්‍රීන් තිදෙනා ගැන පරීක්ෂණ….

colombotoday

මරදාන මරියකඩෙන් සඟවාගෙන සිටි බිත්තර එළියට

Admin

පාස්කු සිද්ධියේ වන්දි ගෙවූ හැටි ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

colombotoday

මේ ආණ්ඩුව ආ දවසේ සිට දිනකට අක්කර 07 බැගින් වනාන්තර කපනවා – රුවන් විජයවර්ධන

colombotoday