Colombo Today Local News

ජනපති සහ ගෝඨාභය ඝාතන කුමන්ත‍්‍රණය හෙළි කළ නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක්…

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතන කුමන්ත‍්‍රණය හෙළි කළ නාමල් කුමාර නමැත්තා පොලිස් ඔත්තුකරුවෙකු බව කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

විවිධ අවස්ථාවන්හිදී පොලිසියට අවශ්‍ය තොරතුරු මොහු ලබාදී ඇතැයිද රෝහින්ග්‍යා සරණාගතයන් පිළිබඳව ඔත්තු ලබාදීම නිසා ඔහුට රුපියල් ලක්‍ෂ 5 ක් පොලිසිය ලබාදී ඇතැයිද ඇමැතිවරයා කීය.

එමෙන්ම දිගන ගැටුම පිළිබඳවද ඔහු තොරතුරු ලබාදී ඇති නමුත් මේ වනතෙක් ඔහුට ගෙවීම් සිදුකර නැති බවද කලබලයේ ඔහු එවැනි දෙයක් කිරීමට එම මුදල් නොගෙවීම හේතුවක් විය හැකි බවද හෙතෙම කීය.

කෙසේ වෙතත් මොහු ඉදිරිපත් කළ චෝදනාව බරපතල නිසා අවශ්‍ය විමර්ශන කටයුතු දිගටම සිදුකරන බවද පොලිස්පතිවරයා පරීක්‍ෂණවල ප‍්‍රගතිය ජනපතිට හා අගමැතිට දැනුම්දී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම චෝදනා ලැබ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ හඬ පටයේ ඇති හඬ තමාගේ නොවන බව ප‍්‍රකාශ කර ඇති නිසා ඒ පිළිබඳවත් පරීක්‍ෂණ සිදුකරන බවද සේනාරත්න මහතා කියා සිටියේය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

Divaina

Related posts

පාතාල කල්ලි සාමාජිකයින් එක්ක මන්ත්‍රිගේ මල්ලි මැණික් ව්‍යාපාරිකයාගේ ඇස් වලට මිරිස් කුඩු ගසා මංකොල්ල කාලා

colombotoday

නිරෝධායන නීති යටතේ ජනතා විමුක්ති පෙරමුණට නඩු

colombotoday

මේ ආණ්ඩුව ආර්ථිකය විනාශ කලා අපි රජය භාර දෙනකොට කිසිම මූල්‍ය අර්බුදයක් තිබුනේ නෑ..

colombotoday

අස්ගිරි නාහිමියෝ සොව පලකරයි… රට වැසියන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට අනුමැතිය

Admin

ජාතික අර්බුධ හමුවේ අප ගත යුතු මග ?

colombotoday