Colombo Today Local News

“ආණ්ඩුවේ තහනම අපි පිළිගන්නේ නැහැ. කම්කරු දින සැමරුම අපි අනිවාර්යයෙන්ම පවත්වනවා”

ආණ්ඩුවේ තහනම අපි පිළිගන්නේ නැහැ. ජාත්‍යන්තර කම්කරු දින සැමරුම අපි අනිවාර්යයෙන්ම පවත්වනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජේ. ආර්. ගේ මැයි දින තහනම නොපිළිගත් වැඩකරන ජනතාව මේ ආණ්ඩුවේ අර්බුදය වහගන්න පනවන තහනම් පිළිගන්න සුදානම් නැති බවද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මැයි දින සැමරුම පැවැත්විමට තම පක්ෂය සියලු කටයුතු සුදානම් කර ඇති බවද ඔහු පැවසීය.

දිසානායක මහතා මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුව මෙම තීරණය ගනු ලැබුවේ තමන් සමග සිටින පක්ෂ අතර පවතින අර්බුදය සමාජගතග විම වැළැක්වීමට බවද එය තම පක්ෂයට අදාල නොවන බවද ඔහු පැවසීය. මෙම තීරණයට සියලු පක්ෂ එකගයැයි ආණ්ඩුව සටකපට ප්‍රකාශයක් කළද තම පක්ෂය එයට එකග නැති බව ප්‍රකාශ කළ බවද ඔහු පැවසීය.

Related posts

රාජ්‍ය සේවකයින්ගේ වසර පහක නිවාඩු කපා හැරීමට සැලසුම්

colombotoday

සංහිඳියාවේ නාමයෙන් යටපත් කරවන්න හදන වීරත්වය, ඉහළින් ඔසවා තබා සෙන්පති කමල් හමුදාවට සමුදෙයි !

colombotoday

“වෘත්තීය සමිති නායකයන්ට ආතතිය” – සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න

colombotoday

බැසිල් අළුත් දේශපාලන සංවිධානයක් හදයි.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැහැ

colombotoday

මත්තලින් රට යන ලාංකිකයින්ට වට්ටමක්

colombotoday

සෑම දිස්ත්‍රික්කයකට ජාත්‍යන්තර පාසලක් හා රෝහලක්

colombotoday