Colombo Today Local News

ජනපති ගෝඨාභය පළමු දින 10ට සිදුකල වැඩ 12

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්වී ප්‍රථම දින 10 තුලදී සිදුකල වැඩ 12ක් පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා..

  1. ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරීම.
  2. 15්‍% වැට් බද්ද 8්‍% දක්වා පහත හෙළීම.
  3. දුරකථන ගාස්තු මත අය කර තිබූ බද්ධ 25්‍% කින් පහත දැමීම.
  4. රාජ්‍ය ආයතනවලට ප්‍රධානින් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම.
  5. රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම.
  6. භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් යෝජිත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට දෙන පොරොන්දුව.
  7. පරිසරය සම්බන්ධයෙන් පොලිසියේ සහ අනෙකුත් කණ්ඩායම්වල අවධානය ලක් කිරීම සඳහා ආරම්භ කර ඇති ක්ෂණික වැඩපිළිවෙළ.
  8. පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාව වෙත ඉලක්ක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම.
  9. සිංහල ඡන්ද පදනම පිළිබඳ විශ්වාසය පළ කිරිම සහ එම ඡන්ද පදනමට දායක වී රට ගොඩනැඟිමට අනෙකුත් සියලු ජාතිකයන්ට ආරාධනා කිරිම.
  10. ඉන්දියාව, චීනය සේම ලෝකයේ බලවත් රාජ්‍යයන්ට අපේ රටට පැමිණ අප කෙරෙහි විශ්වාසය තබා අපගේ අනන්‍යතාවයට ගරු කරමින් ආයෝජන කිරිමට ආරාධනා කිරීම
  11. ජනාධිපති කාර්ය මණ්ඩලය, පරිවාර රථ සීමා කිරීම සහ ජනාධිපතිවරයා සිය නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවසම තෝරා ගැනීම.
  12. තිරිඟු පිටි ඒකාධිකාරය හරහා ජනතාව පත්ව සිටි අපහසුතාවයෙන් මුදා ගැනිමට සෙසු ආනයනකරුවන්ට ද තිරිඟු පිටි ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම.

Related posts

ඊයේ පුත්තලමේදී හමුවූ කොරෝනා ආසාදිතයින් 10 ක් අයි ඩී එච් රෝහලට

colombotoday

මහජන උපයෝගීතා කොමිසමේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

colombotoday

අපි විරුද්ධ වුනේ ඉස්ලාමීය අන්තවාදී ආගමික උම්මත්තකවාදයටයි. දැන් ප්‍රබුද්ධ සාකඡ්චාවකට යමු. ඥානසාර හිමි පවසති

colombotoday

රජයේ යෝජනාවලට එකග නෑ.. GMOA නැවතත් රතු එළි දල්වයි !

colombotoday

පුංචි ඡන්දේ අප්‍රේල් 25

Admin

ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර

colombotoday