Colombo Today Local News

ජනපතිට බෑ… විල්පත්තුව බේරගන්න – පරිසර සංරක්ෂණ භාරය

විල්පත්තු උතුරු අභය භූමිය එළි කර මහා පරිමාණ ජනාවාස පිහිටු වීමේ හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු නතර කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ නැතහොත් ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තවම නොහැකි වී ඇතැයි පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර කියයි.

image 1480877027 e4911b1152වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන එය නතර කළ ද අදාළ ක්‍රියාකාරිත්වය නතර කිරීමට නොහැකිවී ඇති බවටද ඔහු චෝදනා කර සිටී.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, වන රක්ෂිත හතරක් පුරා මෙය පැතිර ඇතැයිද එම භාරය කියා සිටී.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන මෝදරගං ආරු ඔයට මායිම් ව පිහිටන විල්පත්තු උතුරු අභය භූමිය එළි පෙහෙළි කරමින් ජනාවාස පිහිටුවීම ආරම්භ කරනු ලැබුවේ  2010 වසරේ දී බවද ඔවුන් හෙළිකර සිටී.

අදාළ රක්ෂිත අයත්ව ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට බවත්, එම සමස්ථ වනාන්තර ප්‍රදේශය කල් ආරු වනාන්තරය ලෙස හැදින්වෙන බවද පැවසේ.

ඊට හේතුව එම වනාන්තරය ප්‍රධාන වශයෙන් ම කල් ආරු ඔයේ ජල පෝෂක ප්‍රදේශ ලෙස පැවතීම බවද වාර්තා වේ.

මෙම වන රක්ෂිත අතුරින් මරිච්චුකඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 2500 ක්, විලත්තිකුලම් වන රක්ෂිතයේ අක්කර 700 ක්, වේප්පාල් වන රක්ෂිතයේ අක්කර 100 ක් හා මාවිල්ලූ වන රක්ෂිතයේ අක්කර 100 ක් වශයෙන් මෙම වන රක්ෂිත පද්ධතියෙන් වනාන්තර අක්කර 3400 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර දේශපාලන උවමනාවන් මත අලූතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇති බවට එම භාරය චෝදනා කර සිටී.

Related posts

ජනතා ද්‍රෝහී ආර්ථික වැඩපිලිවෙලවල් යෝජනා කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි.. ආණ්ඩුව වැටෙන්න ලඟයි

colombotoday

ඉසුරුපාය තාවකාලිකව වැසෙයි

colombotoday

නව ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ලංකාවේ දෙමළ ජනතාව අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂාව දෙන්න..- සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි

colombotoday

දිවයින පුරා කළ මෙහෙයුමේ දී තවත් පුද්ගලයින් 2,296ක් අත්අඩංගුවට

Admin

පෙරේතකමට තවත් අල්ලගෙන නොසිටිය යුතුයි.. නායකත්වයේ වෙනසක් අවශ්‍යයි – සුජීව එළිපිටම කියයි [video]

colombotoday

සහජීවනය රැකෙන්නනම් මේ බෞද්ධ රටේ ධර්මානුකූලව ජිවත් වෙන්න – රවී කියයි

colombotoday