Colombo Today Local News

“ගෝඨා වැඩේ කරන්න කිව්වා”- විනාඩි 7න් ගත් තීරණයක් ගැන ෆොන්සේකා හෙළි කරයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එවකට මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසුව  එය මුදා ගැනීම වෙනුවෙන් වූ තීරණය විනාඩි 7ක් ඇතුළත ගත් ආකාරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදි හෙළි කළේය.

ඒ වන විට තමන් සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබාගනිමින් සිටි බවත් මාවිල්ආරු වසා දැමීමෙන් පසුව තමන් ලංකාවට පැමිණි බවත් ඔහු ප්‍රකාශ කළේය.

තමන් කටුනායකට පැමිණි පසු එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකතන අමැතුමක් ලබාගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

“මම ගෝඨාභයට කතා කරලා මේ ගැන ඇහුවා. ඔහු කිව්වා මාවිල් ආරුවහලා කියලා. මම විනාඩි 5න් ගන්නම් කියලා ත්‍රිකුණාමලයේ අණදෙන නිලධාරීට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ මම ගෝඨාභයට ගත්තා. ඔහු කිව්වා විනාඩි දෙකෙන් කෝල් එකක් දෙන්නම් කියලා. ඔහු මහින්ද රාජපක්ෂ (එවක ජනාධිපති) කතා කරලා මට කිව්වා වැඩේ කරන්න (මුදවා ගන්න) කියලා.” යැයි සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ පසුගිය අයවැයේදි තමන් ආරක්ෂක අංශ විචේචනය කළත් මෙවර ආරක්ෂක අංශ වෙනුවෙන් කතා කරන බවයි.

Related posts

කිහිප දෙනෙකුට නඩු දැම්මට දුෂණය එසේමයි – සරත් ෆොන්සේකා

colombotoday

අංගොඩ ලොක්කාගේ ඉඩම් 11ක් ගැන පරීක්ෂණ

colombotoday

මාධ්‍ය ආයතනයක්, වැඩිම ලංසුව තැබූ මෙරට ව්‍යාපාරිකයාට නොදී, දෙමළ ඩයස්පොරා සමාගමකට දෙන්න සියල්ල සූදානම්

colombotoday

දුෂිත ඇමතිවරු 4ක් දොට්ට – අමාත්‍යංශ බලය ජනපති යටතට ගැනීමට තීරණය කරයි

colombotoday

ගෝඨාභයගෙන් සහතිකයක් !

colombotoday

ජනපති කෙන්යා යයි…

colombotoday