Colombo Today Local News

ගෘහසේවිකාවන් ලෙස කාන්තාවන් විදෙස් ගත වීමට විරුද්ධයි

කාන්තාවන් ගෘහසේවිකාවන් ලෙස රැකියා සඳහා විදේශගත කිරීමට තමන් පෞද්ගලිකව විරුද්ධ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔවුන්ට ගෞරවාන්විත රැකියා ලබා දීම රජයේ අරමුණ බව ද සඳහන් කරන අමාත්‍යවරයා, ඉහළ වැටුප් සහිත රැකියා සඳහා කාන්තාවන් මෙන්ම පිරිමි ශ්‍රමිකයන් යොමු කිරීමට ජාතික වැඩපිළිවෙලක් සකස් කරන බව ද සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හාලිඇල පිහිටි ජපන් රැකියා පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේ ය.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ, “අද සමහරු සැප විදින්නේ ගෘහ සේවිකාවන් ලෙස සේවය කොට අප රටට එවන මුදලින්” බවය.

එම නිසා විදෙස් රැකියා සඳහා යන කාන්තාවන් ගෞරවාන්විත රැකියා සඳහා යොමුකිරීමේ දී අනෙක් රටවල විදේශ රැකියා සඳහා පිටත්කරන කාන්තාවන්ට ලබා දෙන පුහුණුවට වඩා හොඳ භාෂා හා ප්‍රායෝගික පුහුණුවක් අපි ලබාදිය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ජපානයේ රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය සියලුම සහය ලබා දෙන බවත්, ඉදිරියේ දී, රැකියා අවස්ථා වැඩියෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

Related posts

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට STF කැදවයි…

colombotoday

“ආණ්ඩුව හොඳටම කරන එකම දෙය රටේ තීන්ත ඉවර වෙනතුරු මුදල් අච්චු ගැසීම”

colombotoday

තුර්කියට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300ක් පිටත්ව යාමට සූදානම්

Admin

ගල්කිස්ස සමාජ ශාලාවක ගැටුමකින් එක් දරු පියෙක් මරුට

colombotoday

ජනපති දකුණු කොරියා ජනපති හමුවෙයි

Admin

උබ ආයුද ගන්නවානම් , තලනවා එකාගේ ඉදං – ඥානසාර හිමි බදුර්දීන්ගේ කනහරහා දෙයි

colombotoday