Colombo Today Local News

ශ්‍රී.ල.නි.පයේ පා.මන්ත්‍රී වැටුපත් කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ මෙම මස මන්ත්‍රී වැටුප සෞඛ්‍ය අංශ හා කොවිඩ් වසංගත තත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇතැයි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එසේම තම මන්ත්‍රීධුරය සඳහා ලැබෙන මාසික වැටුප කොවිඩ් -19 වසංගත තත්ත්වය අවසන් වන තෙක්ම මහජනතාවට සහන සැළසීම සඳහා පරිත්‍යාග කරන බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

කොවිඩ් -19 නිසා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට සිදුවුවහොත් කැපවීම් කිරීමට සියලු ජනතාව සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද මෙම මාසය සඳහා ලැබෙන වැටුප සෞඛ්‍ය අංශ වෙත පිරිනමන බව ඇමතිවරයා පැවසීය.

ඉන්පසු ලබන මස සිට තම වැටුප හම්බන්තොට දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පිරිනමන බව කී අමරවීර මහතා අවශ්‍ය වුවහොත් තමාට මන්ත්‍රීවරයෙක් වශයෙන් හිමිවන සියලු වරප්‍රසාද කැප කරන්නට සූදානම් බව ද ප්‍රකාශ කළේය.

Related posts

‘පැයක දෙකක වැඩවර්ජනයකින් ආණ්ඩුව දණගස්වන්න පුළුවන්… ‘ – විදුලිබල වෘත්තීය සමිති වැඩවර්ජනයකට සැරසේ

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නවතී.

colombotoday

රුපියල කඩා වැටී නෑ… ඕන නම් රුපියලේ අගය 115ට ගෙනආ හැකියි – රාජ්‍ය ඇමති සුජීව

colombotoday

ඉන්න බැරිනම් යනු.. අපි ආණ්ඩුව කරගන්නම්.. මයන්ත ශ්‍රීලනිප ඇමතිලාට කියයි

colombotoday

බහුතරය පෙන්නුවත් රනිල්ට අගමැතිකම දෙන්නෑමයි – ජනපති නැවතත් තහවුරු කරයි…

colombotoday

නුවරඑළිය හැඩකරමින් මල් තුහින තත්ත්වයක්

Admin