Colombo Today Local News

ගිනි අවි සමග මවුලවීවරයෙක් මාට්ටු

මඩකලපුව වාලච්චෙන මාන්චෝලේ ප්‍රදේශයේ මවුලවීවරයකු, ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, මෙගසින් දෙකක්, දුර දක්නනයක්, යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කර සිටි.

එම ටී.56 ගිනි අවිදෙක පතුරම් හැට සහ මෙගසින් දෙක මෙන්ම දුරදක්නය පොහොර මල්ලක දමා ගෙවත්තේ වළඳමා ඇති අතර ඒවා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි, පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මවුලවීවරයා 43 වියති අයෙකු බවත්, ඔහු ඕටමාවඩි මාංචෝලේ ප්‍රදේශයේ පදිංචිව සිටිමින්, මහා පරිමාණයෙන් කරවල ව්‍යාපාරයේ නිරත වූ අයකු බවද පරීක්ෂණ පවත්වන විශේෂ කාර්ය බළකාය සඳහන් කළා.

Related posts

මෝල්ගසකින් පහරදී පියා ඝාතනය කල 22 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට

colombotoday

ජාතික රණවිරු දිනය වෙනුවෙන් විරුවන්ට උසස්වීම්

Admin

හාල් නැව කුණාටුවකට අහුවුණොත් ප්‍රමාද වෙන්න පුලුවන්

Admin

සියළුම හමුදා අවි ගබඩා ආරක්ෂිත ප්‍රදේශවලට.. කොස්ගම කඳවුරත් ඉවතට !

colombotoday

මුදල් කතා කරද්දී සත්‍ය නිහඩ වන්නේය – අගමැතිට පක්ෂව කතා කරන්නේ සල්ලි

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියේ මහදැන මුත්තා හා ගෝලයෝ රොත්තගෙන් පය බරවාට බෙහෙත් බදින පන්නයේ ගැසට් පත්‍රයක්!

colombotoday