Colombo Today Local News

ගජ උතුරේ සියලුම පාසල් වස්සවයි

ගජ සුලි කුනාටුව හේතුවෙන් උතුරු පළාතේ පිහිටි සියලුම පාසල් වෙතට අද දිනයේදී නිවාඩු ලබා දීමට පියවර ගත් බවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නිවේදනය කොට ඇත.

මේ අතර ගජ සුලි කුනාටුව යාපනය දිස්ත්‍රීක්කය හරහා ගමන් කරමින් ඊයේ රාත්‍රිය පුරා දැඩි සුලගක් සමගින් අද උදෑසන වන තුරු වර්ෂාව ඇදහැලුනු බවටත් ඇතැම් තාවකාලික ඉදිකිරීම් වලට සුලගින් හානි සිදුව ඇති බවටත් යාපනයේ වැසියන් පැවසිය.

ගජ සුලි කුනාටුව හේතුවෙන් අද උදෑසන යාපනය දිස්ත්‍රීක්කයේ පාසල් කිහිපයක සිසු දරුවන්ට පාසල් වෙතට ගමන් කිරීමට නොහැකි තත්වයක් උද්ගත වීම හේතුවෙන් උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට දැනුම් දුන් අතර එහිදී පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාගේ උපදෙස් පරිදි උතුරේ සියලුම පාසල් වෙතට නිවාඩු ලබා දීමට තීරණය කල බවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එම්.ඉලංකෝවන් මහතා කියා සිටියේය.

මේ දිනවල සෑම පාසලකම වර්ෂාවසාන විභාගය පැවත්වෙමින් තිබෙන අතර වර්ෂාව හා සුළං හේතුවෙන් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටද බාධා සිදුවන බවට උතුරේ අධ්‍යාපන බලධාරීන් කියා සිටියහ.

Related posts

අණ නොතකා ගිය යතුරුපැදියකට පොලිසියෙන් වෙඩි

Admin

කෝටි තුනක උඳු රේගුවෙන් පන්නන්න බැරිවෙයි

Admin

කැරොලයින් සහ චූලාට පොලිස් ඇප

colombotoday

ISIS අරමුණ ශරියා නීතිය සහිත කැලිෆට් (ඉස්ලාම්) රාජ්‍යයක් බිහිකිරීමයි – ඇමති සජිත්

colombotoday

චීන රජයෙන් ආරාධනයක්.. හිටපු ආරක්ෂක ලේකම් චීනය බලා පිටත්ව යයි

colombotoday

චන්ද්‍රිකා සමග මංගලගේ කල්ලිය රනිල් අගමැති කිරීමේ මෙහෙයුමක

colombotoday