World

කොරෝනා හේතුවෙන් සෞදිය මේ වසරේ හජ් වන්දනාව කල් දමයි

කොරෝනා වෛරස් වසංගත ව්‍යාප්තිය පිළිබඳව ඇතිවී තිබෙන අවදානම හේතුවෙන් මේ වසරේ හජ් වන්දනාව ප්‍රමාද කරන ලෙස හජ් වන්දනාවට සහභාගී වීමට සැලසුම් කරන මුස්ලිම්වරුන්ගෙන් සෞදි අරාබිය ඉල්ලා සිටියි.

එරට හජ් අමාත්‍ය මොහොමඩ් බැන්ටෙන් කියා සිටියේ වන්දනාකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවයි.

වාර්ෂික හජ් වන්දනාව සඳහා මිලියන දෙකක පමණ ජනතාවක් මෙම ජූලි සහ අගෝස්තු මාසවල මක්කම සහ මදිනා වෙත යාමට අපේක්ෂා කරන ලදි.

හැකියාව ඇති මුස්ලිම්වරු ජීවිත කාලය තුළ එක් වරක් හෝ හජ් වන්දනාව සිදු කල යුතුයැයි පැවසෙයි.

සෞදිය තුල පුද්ගලයින් 1,563 කට වෛරසය ආසාදනය වී ඇති අතර ජීවිත 10 ක් බිලිගෙන ඇත. කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සඳහා සවුදි බලධාරීන් විසින් මක්කම සහ මදීනා මෙන්ම රියාද් අගනුවරට ඇතුළු වීම ජනතාවට තහනම් කර ඇත.

BBC

Related posts

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday

රුසියානු ගුවන් යානය දරුවන් 17ක් ඇතුළු මගින් 217ක් සමග සම්පුර්ණයෙන්ම විනාශයි

colombotoday

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 5%කින් ඉහළට

colombotoday

ජෝ බයිඩන් ඇද වැටෙයි

Admin

සුවය පැතූ සැමට ස්තූතී – චාල්ස් රජු

Admin

අමෙරිකාව දෙවන කොවිඩ් එන්නතක් සදහා අනුමැතිය ලබාදීමට සුදානමින්

colombotoday