Colombo Today Local NewsCovid 19

කොරෝනා යැයි කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන 20 දෙනාගෙන් 16 ආසාදියින් නොවේ

කොරෝනා වයිරසය ආසාදිතයන් බවට සැකකරන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 20 දෙනාගෙන් 16 දෙනෙකුම කොරෝනා ආසාදිතයන් නොවන බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වීමෙන් පසුව සුවය ලැබ මේවනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරුවූ රෝගීන් තිදෙනෙකුම මේවනවිටත් අයිඩීඑච් උණ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යවා ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය .

මේ ආකාරයට කොරෝනා ආසාදිතයින් ලෙස සහ සැකසහිත බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සහ දැනට සිටින සියළුම දෙනා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවන බවද ඔවුන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රදේශ වලින් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද අයවලුන් බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය .

කොරෝනා රෝගීන් සඳහාම ප්‍රතිකාර ලබාදීමට මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේඇඳන් දෙසීයකින් පමණ සමන්විත වාට්ටු තුනක්ම සම්පූර්ණයෙන්ම වෙන්කර තිබෙන බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය

Related posts

මුලතිව් නීතිඥයෝ අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක්

Admin

සංඛ්‍යා ලේඛණ තැති ගන්වන සුළුයි, රටේ ආර්ථික අනාගතය අවදානම් සහිතයි – අගමැති

colombotoday

“උ/නැගෙනහිර ඒකාබද්ධ කර ස්වයංපාලනයක් අපට ඕනෑ” – විග්නේශ්වරන්

colombotoday

හිටපු ජනපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයෙන් හැලේ

colombotoday

දේශපාලනය උඩු යටිකුරු වෙයි… මහින්ද නැවතත් ජනපතිවරණයට !!

colombotoday

“බහිරවයෙක් වෙලා හරි ජාතික උරුමය රකිනවා“ – ඇමති අකිල කියයි

colombotoday