තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ තුර්කියේ සිට පැමිණි විදේශිකයෙකු වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2888 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයින් 211 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.