World

කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 35 පන්නයි.

ලොව පුරා කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 35 ඉක්මවා තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව එම සංඛ්‍යාව 3,506,924 ක් ලෙස දැක්වේ.

වයිරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 247,473 ක් වන අතර රෝගයෙන් සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1,125,255 ක් වේ.

වයිරසයේ පැතිරයාමත් සමඟ ජපානය ප්‍රකාශයට පත්කළ හදිසි තත්ත්වය මෙම මස අවසානය දක්වා දීර්ඝ කිරීම අග්‍රමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අපේක්ෂාව වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ සහභාගිත්වයනේ අද පස්වරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මීට අදාළ නව ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කරනු ඇත.

ජපානයේ පුද්ගලයින් 15,000 කට අධික සංඛ්‍යාවකට වයිසරය ආසාදනය වී ඇතැයි මේ වන විට හඳුනාගෙන ඇති අතර පුද්ගලයින් 500 කට අධික සංඛ්‍යාවක් වයිරසය හේතුවෙන් මරණයට පත්වී තිබේ.

මේ අතර මාර්තු මස මැද භාගයේ සිට සැලකීමේදී වයිරසය ආසාදිත කිසිදු රෝගියෙකු  අද දිනයේ නවසීලන්තයෙන් වාර්තා නොවූ බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

මෙම තත්ත්වය දක්නට ලැබුණේ එරටේ පනවා තිබූ අගුලු දැමීමේ සීමා ලිහිල් කිරීමට පියවර ගැනීමෙන් පසු ගතවූ සතියකට අඩු කාලය තුළදීය.

එය සියලු දෙනාගේ උත්සාහයේ සංකේතයක් බව එරට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් මහතා පැවසීය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සඳහන් කරන පරිදි මේ වන විට කොරෝනා වයිරසය ලොව පුරා රටවල් 187 ක ව්‍යාප්ත වී තිබේ.

Related posts

ඇමරිකා එක්සත් ජනපද මාධ්‍ය ආයතනවලට චීනයෙන් ඩොලර් මිලියන ගණනක් දීලා.

colombotoday

සූවස් ඇළේ සිරවුණු නෞකාව ලෝක ආර්ථිකයත් සිර කරන ලකුණු

colombotoday

මන්කිපොක්ස් අවදානමකක් | ආශ්‍රිතයන් 200කට අධික පිරිසක් සොයා ගනී

colombotoday

ඇමරිකාවට සයිබර් ප්‍රහාරයක්

colombotoday

බිල නොගෙවීම නිසා අගමැති ලේකම් කාර්යාලයේ විදුලිය කපා දමයි

colombotoday

ඊශ්‍රායල හමුදාව ගාසා හී අල් ශිෆා රෝහලට ඇතුළු වෙයි

Admin