Colombo Today Local NewsTop Stories

කොන්ද පන තියෙන නායකයෙක් රටට අවශ්‍යයි. සිරිසේනට මගේ සහය නෑ – කුමාර වෙල්ගම කියයි

කොන්ද පණ තියෙන පාලකයෙක් රටට අවශ්‍ය බවත් මේ රටේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කල හැකි ජනතාවට ආදරය කරන එකම නායකයා මහින්ද රාජපක්ෂ පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මතුගම ආසනයේ කාන්තා බලමණ්ඩල පිහිටුවීම පසුගියදා මතුගම ශ්‍රවණාගාරයේදී පැවති අතර එම උත්සවය අමතා මන්ත්‍රීවරයා මේ අදහස් දැක්වීය.

සිරිසේන ජනාධිපතිතුමාට තමන් විරුද්ධ බවත් ඔහු මේ වන විටත් ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වැඩ පටන් අරගෙන ඇති නමුත් තමන් මහින්ද රාජපක්ෂට හැර වෙනත් කිසිවෙකුට කඩේ නොයන බවද පැවසීය.

එහිදී වැඩිදුරටත් අවුරුදු 65 පැන්නට පසු දේශපාලනඥයෝ විශ්‍රාම ගත යුතුයි. මමත් ඉන්නේ අවුරුදු 65 පැනපු ලැයිස්තුවේ. මේ රටේ දේශපාලනයට තරුණයන්ට තැන දිය යුතුයි. රට දියුණු කළ හැක්කේ තරුණ තරුණියන්ට තැන දීමෙන් පමණයි.

අවුරුදු 71ක් මේ රට පාලනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් දෙකයි. නමුත් මේ රට දියුණු වෙලා තියෙනවාද? මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ කාලෙ සංවර්ධනය කළ එකත් ඇත්ත. ඩී.එස්. සේනානායක මහත්තයාගෙ කාලේ ජනපද පිහිටවපු එකත් ඇත්ත. නමුත් ලෝකේ අනෙක් රටවල් සමඟ බලනකොට අපි තවම ඉන්නෙ ඉතාම දිළිඳු තැනකයි.

මේ රටේ ඉදිරි මැතිවරණවලදී කාන්තාවන්ට සුවිශාල මෙහෙවරක් ඉටුකළ හැකියි. මොකද ඡන්දය දෙන නොදෙන එක තීරණය කරන්නෙ කාන්තාවනුයි. 1965 – 70 කාලයෙදි ඩඩ්ලි සේනානායක මහතාව ගෙදර යැව්වේ කාන්තාවොයි.

දැන් කාන්තාවන් ඉදිරියට පැමිණිය යුතු කාලය උදාවෙලා තියෙනවා. දේශපාලනඥයෝ පත් කරන්නනෙවෙයි රට වෙනුවෙන් තීරණ තීන්දු ගැනීමට පෙරට පැමිණිය යුතුයි. රට හරි තැනට ගේන්න කටයුතු කළ යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ණය අරගෙන හෝ මේ රටේ පාරවල් හැදුවා. ගොඩනැඟිලි හැදුවා. පාසල් හැදුවා. රෝහල් හැදුවා. වාරයවල්, ගුවන්තොටුපොළවල් හැදුවා. රට සංවර්ධනය කරන්න කටයුතු කළා.

නමුත් මේ ආණ්ඩුව ඇවිත් දැන් අවුරුදු හතරක් ඉවරයි. මොනවද කරලා තියෙන්නේ.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අවුරුදු හතරක් යනතුරු කිසි දෙයක් කළේ නැහැ. නමුත් මේමෑත කාලයේදී ජනාධිපතිතුමා බොහෝම හොඳින් වැඩ කරන්න පටන් ගෙන තියෙනවා.

Related posts

ඉන්දීය ජාතික තරුණයෙක් දිවි නසා ගනී

colombotoday

එළුවන්ට රක්ෂණාවරණයක්

Admin

ජනාධිපති ලේකම් ධුරය සමන් ඒකනායකට 

colombotoday

රටපුරා බල්ලන් විසි ලක්ෂයක් දඩාවතේ… ජලභීතිකාව හිස එසවීමේ අවදානමක්…

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන වෙයි

Admin

රට ගිනි තියන ‘පුරවැසි බලයේ‘ පච ලියවිල්ලට එරෙහිව ‘බොදු බලෙන්‘ පොලීසියට පැමිණිළි !

colombotoday