Colombo Today Local News

රන්ටැඹේ රක්ෂිත වානාන්තරයේ මහා දැව ජවාරමක්

රන්දෙණිගල, රන්ටැඹේ රක්ෂිත වානාන්තර තුළ සිදුවූ මහා දැව ජවාරමක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වටලා තිබේ.

එහිදී කැළෑ කපන්නන් විසින් විනාශ කරන ලද විශාල ප්‍රමාණයේ ගස් රැසක් සොයාගනු ලැබීය.

මනස්කාන්ත පරිසරයකට හිමිකම් කියන මෙම රක්ෂිතයේ කැලැපන්නන් විසින් දැවැන්ත වනසංහාරයක් සිදුකර තිබුණි.

මෙලෙස කපා දමා ඇත්තේ මී, කුඹුක්, මිල්ල, රන්තෙලඹු හා ලුනු මිදැල්ල යන වටිනා ශාකය.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ජල උල්පත්වලටද හානි සිදුවන බව ප්‍රදේශවාසීන් පවසයි.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව යමින් මහ ඔය සහ අරන්තලාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන ආරම්භකර තිබුණි.

Related posts

පාලමක් අසල කලපුවේ නාඳුනන පුද්ගල මළසිරුරක්

Admin

රිෂාඩ්ට සී.අයි.ඩී.ය ඇතුළෙන්ම ඔත්තු | නිලධාරිනියන් ‌දෙදෙනකුට මාරුවීම්.

colombotoday

අද පෙරවරුවේ පැය 4ක් රට පුරා දොස්තරලා ලෙඩ

colombotoday

නුසුදුස්සෙක් ඉවත් කරන්න පොලිස්පතිවරයාගෙන් නියෝග

Admin

බංග්ලාදේශයේ ණය ගෙවන්න සහනයක්

Admin

විමල් වීරවංශ හිරේ දානවා… අනුර දිසානායක කියයි

colombotoday