Colombo Today Local News

ත්‍රස්ත ක්‍රියා කළ බවට සාක්ෂි ඉදිරිපත් කර නෑ.. යුරෝපයේ කොටි තහනම ඉවත් කරන්න නිර්දේශ කෙරේ

europa-ltte

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානයට යුරෝපා සංගමයේ රටවල පනවා ඇති තහනම් ඉවත් කිරීමට යුරෝපා සංගමයේ ඉහළම අධිකරණයක නීති උපදේශිකාවක් නිර්දේශ කර තිබේ.

එම සංවිධාන ත්‍රස්තවාදී සංවිධාන බවට තහවුරු කිරීම සඳහා අදාළ සංවිධාන ක්‍රියාත්මක වූ මෙන්ම ක්‍රියාත්මක වෙන රටවල් ප්‍රමාණවත් තරම් සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත්ව ඇති බව මෙම උපදේශකයා විසින් පෙන්වා දී ඇත. මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත් සේවය ප්‍රකාශ කර ඇත්තේ එම ත්‍රස්ත සංවිධාන විසින් ත්‍රස්ත ප්‍රහාර දියත් කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නැති බවට එම උපදේශකයා පවසා ඇති බවයි.

2014 වසරේදී හමාස් සංවිධානය හා එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධාන බවට නම් කිරීම තාවකාලිකව නැවැත්වීමට යුරෝපා සංගමයේ දෙවැනි උපරිමාධිකරණය තීරණය කළේය. කෙසේ වෙතත් ඇමෙරිකාව හා එංගලන්තය එම සංවිධාන තහනම් කළ පමණින් මෙන්ම අන්තර්ජාලයේ මෙන්ම මාධ්‍ය හරහා පළවු ලිපි පදනම් කරගනිමින් පමණක් එම සංවිධාන ත්‍රස්ත සංවිධාන ලෙස නම් කළ නොහැකි යැයි පවසමින් යුරෝපා සංගමය මේ වන තාවකාලිකව එම සංවිධාන ත්‍රස්ත සංවිධාන ලෙස නම් කිරිම නවතා තිබේ.

Related posts

පාසල් සිසුන් ලක්ෂ 10කට චීන සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ප්‍රදානයක්

colombotoday

අගමැතිගේ බැදුම්කර ගමනින් එජාපය උදම් වෙයි.. “බය නැති අගමැති” කියා රට පුරා පොස්ටර් අලවයි

colombotoday

වෙළද අමාත්‍යවරයා නිරුවත අතින් වසා ගැනීමේ උත්සාහයක

colombotoday

ලෝක ගුරු දිනය දා විදුහල්පතිවරු කළු කොඩි ඔසවයි

colombotoday

මධූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වු සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවේ

colombotoday

මාස 09 ට ලංකා IOC අලාභය මිලියන 650 ඉක්මවයි..

colombotoday