Colombo Today Local Newsextremism & terrorism activities

කුඩා දරුවන්ට ගිනි අවි පුහුණුව දුන් “හැන්ස්” සංවිධානයේ විධායක අධ්‍යක්ෂකගෙන් ප්‍රශ්න කරයි. සහරාන් දේශනාත් පවත්වලා

මුන්දලම මදුරන්කුලිය පිහිටි අසාර් නගර් මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ බව කියන තැනැත්තාගෙන් ඊයේ (8) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනිම සිදුව ඇති බව කියයි.

කුඩා දරුවන්ට ගිනි අවි පුහුණුව ඇතුළු ත්‍රස්ත කටයුතු වල යෙදවිමේ චෝදනා එල්ල වි ඇති මෙම රාජ්‍ය නොවන සංවිධානය පිහිටි මදුරන්කුලිය අසාර් නගර් අරාබි ආගමික ස්ථානයට අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙයවු සහරාන් හසිම් හා තඹ ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ඉබ්‍රහිම් ගේ පුතුන් දෙදෙනා අන්තවාදි දේශන පැවැත්විම සදහා සහභාගිවි වි ඇති බවට පසුගිය සති අන්තයේ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සනාථ කර ගෙන තිබුනී.

ඒ සම්බන්ධව කල්පිටිය නගරයේදි හතරවන හරස් විදියේ පදිංචි කරුවකුද පසුගිය 3 දින අත් අඩංගුවට ගෙන තිබුනී.

අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව අත් අඩංගුවට ගත් මෙම සැකකරු ගෙන් කල ප්‍රශ්ණ කිරිම් වලදි මෙම මදුරන්කුලිය ආරබි ආගමික මධ්‍යස්ථානය තුළදි සහරාන් හසිම් ඇතුළු මරාගෙන මැරේන ප්‍රහාරය මෙහෙය වු ත්‍රස්තයින් සහභාගිවි දේශණ පැවැත්වු බව සනාථ කර තිබුනී.

මෙම සැකකරුගෙන් ලද ප්‍රශ්ණ කිරිම් අනුව මේ වන විට තොරතුරු රැසක් අනාවර්ණය කරගෙන ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව කියයි.

කෙසේ නමුත් අදාල සිදුවිම් වලට ඊයේ (8) අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශ සටහන් කර ගත් මෙම මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂකද සම්පුර්ණ සහාය දක්වා තිබේද යන්න මෙම ප්‍රකාශ සටහන් කර ගැනිමට හේතු වි ඇති බව වාර්තා වෙයි .

අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂක වරයාගෙන් ප්‍රශ්ණ කිරිමට පැමින තිබුනී.

ඒ සමගම අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ උපදෙස් මත අදාල අන්තවාදි දේශන පැවැත්වු අසාර් නගර් ආගමික මධ්‍යස්ථාන භුමියේ ගොඩනැගිල්ලකට පසුගිය 4 දින සිට විශේෂ පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ .

Related posts

හිටපු ජනපති වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරිය ජනාධිපති කොමිසමට දනුම් දුන් දේ

colombotoday

සුදු නෙළුම අරන් තවලමේ ගිය ප්‍රබල ඇමති, චාවාකච්චේරි කොටියා එළියට දාන්න බරටම වැඩ

colombotoday

බස් ගාස්තුව ජූලියේ සිට ඉහළට !!

colombotoday

මහ සයුරේ දැවැන්තයෙක් මගීන් 1176ක් රැගෙන මාගම්පුර වරායට

colombotoday

වල් ඌරන් ඝාතනයට, ප්‍රවාහනයට සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවතට

colombotoday

ඇමරිකා යුධ අපරාධ විශේෂඥයෙක් විග්නේශ්වරන් හමුවේ.. සංහිදියාව ගැන සාකච්ඡා !

colombotoday