Colombo Today Local News

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව නින්දිතයි, අශිෂ්ඨයි – සජිත්

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කළ අවස්ථාවක විධායක ජනපතිධුරය අහෝසි කිරිමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීම නින්දිත, අශිෂ්ඨ සදාචාර සම්පන්න නොවන වැඩක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

අද පැවැති විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“එක් එක් පුද්ගලයින් තමන්ගේ මති මතාන්තර එක්කළා. නමුත් මේ වගේ යෝජනාවක් මේ වගේ තත්ත්වයක් තුළ ඊයේ රාත්‍රියේ ගැසට් නිවේදනය නිකුත් කළේ. නාම යෝජනා දිනයක් තිබෙනවා. මැතිවරණ දිනයක් තිබෙනවා. එහෙම තියෙද්දී ජනාධිපතික්‍රමය අහෝසි කරන්න සාකච්ඡා කරන එකත් ඒක මහා නින්දිත ක්‍රියාදාමයක්.

ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමක්. විධායක ජනපතිධුරය අහෝසි කිරිම ගැන සාකච්ඡා මීට සති දෙකකට පෙර කරන්න තිබුණා. සතියකට පෙර කරන්න තිබුණා. මේක අඟහරුවාදා සාකච්ඡා කරන්න තිබුණා.

දිනන සන්ධානය මා සතුව තිබෙනවා. මම ලෑස්තියි. කිසිම කථා දෙකක් නෑ. දෙවතාවක් හිතන්න දෙයක් නෑ. මේ හැමදේම පසුපස සජිත් භීතිකාවක් තිබෙනවා. විධායක ජනපතිධුරය නෙමෙයි සජිත් භීතිකාවක් තිබෙනවා.

ඕනම ප්‍රගතිශීලි සන්ධානයකට අපි දොරටු විවෘත කර තිබෙන්නේ අපිත් සමග එකතු වෙලා විප්ලවීය වැඩසටහනේ කොටස්කරුවෙක් වෙන්න කියලා.

සදාචාර සම්පන්න අශිෂ්ඨ යෝජනාවක් තමයි මේ ඉදිරිපත් වුණේ. ඒත් මං අහන්න කැමතියි ඇයි අවසාන මොහොතේ අවසාන තත්ත්පරයේ කරන්න හැදුවේ. ”

Related posts

අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලා

colombotoday

නඩුවට සම්බන්ධව රෝගීන් ගැන සම්පූර්ණ වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි

Admin

ස්ත්‍රී දූෂණ වරෙන්තුකරුවෙක් ගාලුමුවදොර අරගල භූමියේ සැගවෙයි

colombotoday

හෙට සිට ගෑස් මිල පහළට

Admin

විමල්ට ආණ්ඩුවෙන් යන්නැයි කියයි

colombotoday

අරලියගහ මැදුරේදී වෙඩි තබාගැනීමක්.. එස්.ටී.එෆ්. සෙබළෙක් මරුට

colombotoday