Colombo Today Local News

මේක 225දෙනා කරපු දෙයක් නෙමේ. මිනිස්සු රස්සාවක්වත් හරියට කරනවද? – වරද මිනිසුන්ගෙයි ! අලි සබ්‍රි පාර්ලිමේන්තුව දෙවනත් කරයි

පාරදෘශ්‍යව කටයුතු කළ යුත්තේ දේශපාලනඥයින් පමණක් දැයි හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අද (මැයි 20) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, මෙරට දේශපාලනඥයින් සිටින්නේ 225 දෙනෙකු බව ත් ඔවුන්ට සියලු දේ සඳහා ලබා දෙන වරප්‍රසාද රුපියල් බිලියන 6.5ක් බව ත් ය.

අවශ්‍ය නම් එය ද කපා දැමීමට කටයුතු කරන ලෙස ඔහු පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, මෙරට වාර්ෂික ආදායම ට්‍රිලියන 1.4ක් බව ත් වියදම 3.4 ක් බවත් ය.

මහමග උද්ඝෝෂණය කිරීමෙන් ඒ සඳහා විසඳුම් සෙවිය නොහැකි බව ඔහු එහිදී ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව ආදී ආයතනවල නිලධාරින් සිය සේවය තුළින් රටට හිමි විය යුතු ආදායම් ප්‍රමාණය නිසි ලෙස අය කර දෙනවා දැයි තම තමන්ගේ සිත්වලින් ම ප්‍රශ්න කර බලන ලෙස ඔහු හිටපු අමාත්‍යවරයා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, වත්මන් දේශපාලන සංස්කෘතිය පිළිබඳව තමන්ට ඇත්තේ මහත් අප්‍රසාදයක් බව ය.

“මම නම් මේ පාර්ලිමේන්තුවේ පැත්ත පළාතවත් බලන්නේ නැහැ. මට මේක ඕනෙ ත් නැහැ. අපි ආවේ මේවා බලන්න නෙමෙයි. අපිට එහෙම ඒවා ඕනෙ ත් නැහැ. නමුත් කවුරු හරි අනාගතයේ දවසක මේ රට ගැන හිතලා, තමන්ගේ ටැක්ස් ගෙවපු තමන් වෙනුවෙන් වැඩ කරපු, රටට ආදරය කරන මිනිස්සුන්ට මේකට එන්න අවශ්‍ය පාර සලසලා දෙන්න. අපි නම් එන්නේ නෑ මේ පැත්ත පළාතෙවත් මීට පස්සේ.

එකිනෙකාට ඇඟිලි දික් කළොත් විජය ආපු දවසේ සිට ඇගිල්ල දික් කර කර ප්‍රශ්න කතා කරන්න වෙනවා. ඇත්ත මිනිසුන්ට කියලා දේශපාලන වාසි ගන්න ඕන නෑ. මම බයයි යුද්ධ කරන්න. මම බයයි දරුවන් මවුපියන් වෙනුවෙන්. අපි වංචා කරලා නෑ.

මේක බුදුන් වැඩිය රට. ශාන්තිය තිබෙන රට. ගෙවල් ගිනි තියද්දි සතුටු වෙන්න පුළුවන් වුණේ කොහොම ද? මම පිළිගන්නවා ආර්ථික කළමනාකරණයේ යම් දුර්වලතා තියෙනවා. අපි වැරදි කරලා නම් උසාවි යමු.

මට නම් මේ සම්පූර්ණ දේශපාලන සංස්කෘතිය ම පිළිබඳව තියෙන්නේ මහ ලොකු අප්‍රසාදයක්. කලකිරීමක්.”

Related posts

රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණය මෙයයි – සාගල

colombotoday

“මම දේශපාලන ජීවියෙක්” ජීවත් වන තුරා දේශපාලනය කරනවා – ජනපති

colombotoday

මුස්ලිම් රටවල් 10කින් ආ 1333 ක් සරණාගත ලේබලයෙන් දැන් ලංකාවේ – ඇමති මහින්ද හෙළිකරයි

colombotoday

වැලිගමදී පියපුතු දෙපළකට වෙඩි

Admin

විශ්වාසභංගය සහ දෝෂාභියෝගයට විපක්ෂ නායක අත්සන තබයි

colombotoday

පුතාට රිය අනතුරක්… ගම්මන්පිලට ඕස්ට්‍රේලියාවට යෑමට අවසර

colombotoday