Colombo Today Local News

කැද ඉම්රාන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දේශපාලකයන්, පොලිස් ලොක්කන්ගේ නම් වැළක් එළියට…

‘මධුෂ් අයියා පාටිය ඕගනයිස් කරනකොටම මම කිව්වා ඔය වැඩේ කරන්න එපා. අපිට ප්‍රශ්න තියෙන එකේ පාඩුවේ ඉමු කියල. ඒත් අයියා ඇහුවේ නැහැ. එයාට ඕනේ වුණා එයාගේ ලොකු කම පෙන්නන්න.,” යනුවෙන් අත් අඩංගුවට ගෙන සිටින කංජිපානි ඉම් රාන් නමැති පාතාල සාමාජිකයා පොලීසියට පාපොච්චාරණය කර ඇතැයි වාර්තා වනවා.

මාධ්‍ය මගින් දිගින් දිගටම මාකඳුරේ මධූෂ් පිළිබඳව වාර්තා කිරීම පිළිබඳව මධූෂ් දැඩි ලෙස සතුටට පත්වූ බවත් ඔහු ඒ හරහා තව තවත් අපරාධකාරී ක්‍රියාවන්ට යොමුවූ බවත් කංජිපානි එහිදී ප්‍රකාශ කර ඇත.

රැඳවුම් නියෝගයක් මත කොළඹ අපරාධ කොට්ඨාස භාරයේ ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින කංජිපානි ඉම්රාන් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී මාකඳුරේ මධුෂ් සමඟ සම්බන්ධකම් පැවැත්වූ මෙරට දේශපාලනඥයන්ගේත්, පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසකගේත් නම් ගම් සහිතව තොරතුරු රැසක් හෙළිකර තිබෙනවා.

මාකඳුරේ මධුෂ්ට අයත් මෙරට දේපොල සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා.

රැඳවුම් නියෝගයක් මත කොළඹ අපරාධ කොට්ඨාස භාරයේ ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින කංජිපානි ඉම්රාන් මේ සම්බන්ධයෙන් හෙළිකර ඇති බවයි වාර්තා වන්නේ.

එම ව්‍යාපාර අතර දකුණේ සංචාරක හෝටලයක්ද මධුෂ්ට අයත් බව සඳහන්.

එම හෝටලය වෙනත් පුද්ගලයකුගේ නමින් පවත්වාගෙන යන බවයි කංජිපානි ඉම්රාන් හෙළිකර ඇත්තේ.

වාහන කුලී ආයතනයක්ද මධුෂ් ආරම්භ කර තිබෙනවා.

මධුෂ්ට අයත් ඉඩම් රැසක් රටපුරා ඇති බවත් ඉඩම් විකිණිමේ ව්‍යාපාරයක්ද ඔහු විසින් ආරම්භකර තිබෙනවා.

මධුෂ්ට මෙන්ම කංජිපානි ඉම්රාන්ටද කොළඹ නගරයේ දේපල රැසක් හිමිව ඇති බවද අනාවරණය වී ඇති අතර කංජිපානි ඉම්රාන්ද දේශපාලනඥයන් රැසක් මෙන්ම පොලිසියේ විවිධ තරාතිරම්වල නිලධාරීන් කිහිප දෙනකු ඉතා කිට්ටුවෙන් ඇසුරුකර ඇතැයිද ප්‍රශ්න කිරීම් වලින් හෙළිවී තිබෙනවා.

එම නිලධාරින් අතර විශ්‍රාමික නිලධාරීන් දෙතුන් දෙනෙකු සිටින බව ද සඳහන්.

කංජිපානි ඉම්රාන් ඩුබායි සිටියදී කොළඹ පොලිස් ස්ථාන රැසක ස්ථානාධිපතිවරුන් සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුට දුරකතනයෙන් ඇමතුම් දෙමින් මරණිය තර්ජනයන් එල්ලකර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තමන් තර්ජනය කළේ නීති ගරුක අවංක පොලිස් නිලධාරීන්ට නොව, තමන්ගේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සමග එක්ව කටයුතු කළ නිලධාරීන්ට බවයි.

මාකඳුරේ මධුෂ් ඩුබායි රටට 2015 වසරේදී ගෙන්වා ගත්තේ තමන් බවත් ඔහුට එරට රැඳී සිටීමට ආයෝජන වීසා සකස්කර දුන්නේද තමන් බව කංජිපානි ඉම්රාන් පොලිස් ප්‍රශ්න කිරීම් වලදී හෙළිකර තිබෙනවා.

Related posts

මාවනැල්ලේ බස් දෙකක් එකිනෙක ගැටෙයි

Admin

ආණ්ඩුවට ජනතාවගේ ජීවිත සුරැකීමට කිසිදු වැඩපිළිවෙලක් හෝ අවශ්‍යතාවයක් නෑ – ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත්වෙන්න

colombotoday

කොළඹ ස්ථිර මාර්ග බාධක ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

නැව් මගින් වන තෙල් කාන්දුවීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගන්න කැබිනට් පත්‍රිකාවක්

Admin

අභියාචනාධිකරණ සභාපතිධුරයට ජනපති එවූ නම දෙවන වරටත් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

අද දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරු.

colombotoday