කලවැද්දන්ගේ අභියෝග වලට පිළිතුරු දීමේ අවශ්‍යතාවක් තමාට නැති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ඇවන්ගාඩ් සභාපතිවරයා සමග සම්බන්ධතාවක් පවතිනවාද නැද්ද යන්න පිළිබදව පැය 48 ක් ඇතුළත අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළ යුතු යැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අභියෝගයක් කර තිබිණි. ඒ පිළිබදව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදීය අධිකරණ අමාත්‍යවරයා එසේ පැවසූවේ.
අනවශ්‍ය පුද්ගලයන් ඉදිරිපත්කරන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට තමන් සූදානම් නොමැති බව ද අධිකරණ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.