Colombo Today Local News

එක රටක් තුළ එක නීතියක් යන්න අපි පිළිගන්නවා..- තුෂාර ඉඳුනිල්

එක් රටක් තුළ එක් නීතියක් පැවතිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20)දින කළ ප්‍රකාශය සමග එකඟවන බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂ මුලස්ථානයේ අද (21)දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“එක රටක් තුළ එක නීතියක් යන්න අපි පිළිගන්නවා..ජනාධිපතිතුමාගෙන් අහන්න කැමතියි..එක රටක් තුළ එක නීතියක් තියෙනවා නම් මේ ස්ථාපිත කරන්න හදන්නේ උඩරට නීති, තේසවලාමේ නීති, ශරියා නීති ඒ සියල්ල අහෝසි කරනු ලැබු එක නීතියක් ද? එසේනම් අපිත් ඒකට බොහොම කැමතියි..”

Related posts

අපි ගෙනාපු පාස්පෝර්ට් ටික මේ අයට බෙදාගන්න බෑ

Admin

ළමයි ලවා කැටවලට එකතු කරපු සල්ලිවලින් ශිෂ්‍ය නායකයෝ මෝටර් බයිසිකල් අරන්…

colombotoday

සිඟිත්තියක් ළිඳකට බිලි වෙයි

Admin

“වෙනස් මුහුණුවරකින් අපි ලංකාවේ ඊළමක් හදනවා” – තමිල්ණාඩුවේ වයිකෝ

colombotoday

සජිත් ගෙන ආ රංජන්ගේ නිවාඩු යෝජනාව කතානායක ප්‍රතික්ෂේප කරයි

colombotoday

හකීම්,අලි ෂබ්රි ඇතුළු මුස්ලිම් මැති ඇමැතින් සමග තවුහිද් ජමාත් භූමිදානය ඉල්ලා එක පෙලට

colombotoday