Colombo Today Local News

එක්වරම නිකාබය ඉවත් කරන්න බෑ.. ඒක හරියට නිරුවතින් පාරේ යනව වගේ… – මුස්ලිම් කාන්තාවෝ පිරිසක් කියති

මුහුණු ආවරණ තහනම්කරමින්රජය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද එක්වරම බුර්කා‍ව,නිකාබයවැනි පලඳනාවලින් ඉවත්වීමට නොහැකියැයි මුස්ලිම් කාන්තාවන් පවසන බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්‍ෂ එම්.ආර්.එම්.මලික් මහතා සඳහන් කළේය.

බොහෝ කාලයක් තිස්සේ මුහුණු වසාගෙන මාර්ගවල ගමන් කළ තමන්ට මුහුණනිරාවරණය කරගෙන යෑම යම් අපහසුවක් දැනෙන්නේයැයි එමකාන්තාවන් පවසන බවද අධ්‍යක්‍ෂවරයා පැවසීය.

“ඇතැම් මුස්ලිම් කාන්තාවන් මා සමග ප්‍රකාශ කළා වසර ගණනාවක් මුහුණ වසාගෙන ගිහින් එක් වරම මුහුණ නිරාවරණය කරගෙන යාම හරියට නිරුවතින් පාරේ යනවා වගේ කියලා.

ඒනිසා බුර්කාව හා නිකාබය නොමැතිව කටයුතු කිරීමට හුරුවෙන්න එම කාන්තාවන්ට ටික කලක් ගතවේවි.එය වරදක් ලෙස නොසැලකිය යුතුයි” යනුවෙන් හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මුහුණු ආවරණ තහනම් කරමින් රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුව කටයුතු කරන ලෙස සියලුම මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බවත්,රජය පනවන ඕනෑම නීතියකට අවනතවීමට මුස්ලිම් සමාජය සූදානම් බවත් එම්.ආර්.එම්.මලික් මහතා පවසා සිටියේය.

Related posts

බොරැල්ලේ වෙඩිතැබීමට සැකකරුවන් හසු වෙයි

Admin

“ඥාණසාර හිමිට අදාල නීතිය විග්නේෂ්වරන්ලාට නෑ.. අර අම්මන්ඩිගේ සංහිදියාවේ උතුරට පන්සල් බෑ“

colombotoday

සාරි අදින්න අනිවාර්ය කළොත් අපි අනිවාර්යෙන්ම දීමනාවක් ගන්නවා.

Admin

“අපේ ස්ථාවරයේ වෙනසක් නෑ.. ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් ඕනමයි” – TNA

colombotoday

ජනතාවට නැති සහන ඉන්දියානු සමාගම්වලට දීලා… මේ ආණ්ඩුව ඉන්දියාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්

colombotoday

අමාරුම වෙලාවේ උදව් කරේ ගඩාෆි, එක ඇමතුමෙන් ඩොලර් මිලියන 500ක් දුන්නා – හිටපු ජනපති හෙළි කරයි.

colombotoday