Colombo Today Local News

අමාරුම වෙලාවේ උදව් කරේ ගඩාෆි, එක ඇමතුමෙන් ඩොලර් මිලියන 500ක් දුන්නා – හිටපු ජනපති හෙළි කරයි.

gadafiයුද්ධය අවසන් සමයේ ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අවපාතයකට මුහුණු දුන් බවත්, එම අර්බුදයෙන් රට මුදවා ගැනීමට හැකි වූයේ ලිබියාවේ නායක මුවම්මර් ගඩාෆිගේ සහයෝගය මත බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේ වන විට ඇතැම් පාර්ශව තමන් ගඩාෆිගේ කර වටො අත දමාගෙන සිටින් රට පාවා දුන් බවට චෝදනා නගනවා.
එහෙත් ඡායාරූපයක් පදනම් කර ගනිමින් නගන චෝදනාව පදනම් විරහිත බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ඡායාරූපයට අනුව ලිබියානු නායකයාගේ අත දමා සිටින්නේ තමාගේ කරවටා බවට අද බොහෝ දෙනෙකුට නොපෙනීම කනගාටුවට කරුණක්. විදේශ සංචිත ශීඝ්‍රයෙන් කඩා වැටුණු අවස්ථාවකදී ලබා දුන් එක් දුරකථන පණිවුඩයකින් ශ්‍රී ලංකාවේ රජයට අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබා දීමට ඔහු එකඟ වුණා. එය එසේ සිදු නොවන්නට යුද්ධය ජය ගැනීමට පෙර මෙරට ආර්ථිකය කඩා වැටීමකට ලක්වන බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Related posts

කොරෝනා අරමුදලට දළදා මාලිගයෙන්,අස්ගිරිය සහ මල්වත්තෙන් රුපියල් කෝටි දෙකක්

colombotoday

දේශබන්දු වෙනුවට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

colombotoday

රජයෙන් වතු පවුල් වලට මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලකට

colombotoday

බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්

colombotoday

බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කරුවන්ගේ ඥාතීන් ප්‍රකාශ දෙයි

colombotoday

පූජිත් ජනපති කොමිසමට එයි

colombotoday