Colombo Today Local News

උදිත් ලොකුබණ්ඩාර මහින්දගේ පුද්ගලික ලේකම්කමෙන් ඉල්ලා අස්වෙයි..

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස ශානිකා ගොපල්ලව මහත්මිය පත්කරනු ලැබ සිටී.

ශානිකා ගොපල්ලව මහත්මිය මාර්තු 1දා විපක්ෂ නායක කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ වැඩ භාර ගත්තාය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ සමයේදී ඔහුගේ අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කර ඇති ශානිකා ගොපල්ලව මහත්මිය මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොන්ටි ගොපල්ලව හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාගේ දියණියකි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි උදිත් ලොකු බණ්ඩාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වීම ලැබ එම කොට්ඨාසයේ පූර්ණ කාලීනව දේශපාලන කටයුතුවල යෙදී සිටින නිසා එම තනතුරින් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදිත් ලොකු බණ්ඩාර මහතා පැවැසීය.

Related posts

හාල්මැස්සන් රු.5කින්, පරිප්පු 10කින්, සීනි 2කින් අඩුවෙයි.. අන්තර්ජාල බදු 25%කින් වැඩිවෙයි

colombotoday

කුවේටයේදී අතුරුදන්වූ ගෘහ සේවිකාවගේ සිරුර වසරකට පසු අධි ශිතකරණයක තිබී සොයාගනී

colombotoday

ගංජා ගස් දහසක හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

Admin

කබ්රාල් ඇප මත මුදාහරී

colombotoday

නිවසේදී මියගිය තරුණයා ගැන විමල්ගෙන් නිවේදනයක් !

colombotoday

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයි

colombotoday