Colombo Today Local News

ජීනීවා දෙස බලා වීරත්වයට තොණ්ඩුව දමන සීඅයිඞීයේ කැකිල්ලේ න්‍යාය

අත්අඩංගුවට පත්වන විට දක්‍ෂ බුද්ධි නිලධාරියකු වූ කුමාර සිටියේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතන සිද්ධියේදී දැනට ස්නයිපර් වර්ගයේ ගිනි අවියක් සම`ග අතුරුද්නව සිටින එල්ටීටීඊයේ සිටි සුපිරි ස්නයිපර්කරුවකු වූ ඉලක්කියන් මාස්ටර් නමැත්තා පසුපස හඹායමිනි.

 එසේම ප‍්‍රභූ ජීවිත  ගණනාවකට අද තර්ජනයක් වී තිබෙන ඉන්දියාවේ සිට පැමිණි එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් පිරිසක් මේ වන විට කොළඹට ගෙනවිත් ඇති ක්ලේමෝ බෝම්බ ඇතුළ අවි ආයුධ තොගයක් සම`ග එම ත‍්‍රස්තයන් සොයා යෑමේ සංවේදී බුද්ධි මෙහෙයුමකටද නාවික බුද්ධි නිලධාරී කුමාර දායක වී සිටියේය.

 නිමා නොවන අතිශය තිරිසන්වූ දඩයමක අප‍්‍රසන්න කතාව යළි යළිත් සටහන් කරන්නට තරම් අපි අවාසනාවන්තයෝ වී සිටිමු. එහෙත් ඒ අවාසනාවන්තකම කොතෙක් වුවද දැනෙන පිළිකුළ වමනය යන තරමේ එකක් වුවද මේ පිළිබ`ද කතා නොකර සිටින්නටද අපට නොහැකිය.

 මන්ද මේ පාපතරයන් සිය දඩයම තුළින් අද මස්කරමින් සිටින්නේ ශී‍්‍ර ලාංකීය අභිමානයත්, ප්‍රෞඪත්වයත්, අපේකම සහ ජාතියේ වීරත්වයත් වන නිසාය. එසේ කරන අතරේ අද මොවුහු විජාතික ක`දවුර ඉදිරියේ ලක් මවගේ ගත රැු`දි සළු පිළි උනා දමා අමු අමුවේම ඇය නිරුවත් කරමින් සිටින්නාහ.

 මේ පාවාදීම තුළ ඇති අනාගත විපාකය ඉතා බරපතළ වන්නකි. එහෙත් එය නතර කිරීමට කිසිවකුත්ම නැත. එයට එරෙහිව නිසි පරිදි නැගෙන හ`ඩක්ද නැත. හ`ඩක් මතුකළ යුතු අයද කරන්නේ ‘ඡුන්ද’ කුස

 ගින්නට ඈනුම් ඇරීමය. ඇතැම්විට ජාතියේ වීරත්වය සිරගත කෙරෙද්දී එහි දොස වත්මන් ආණ්ඩුවට බැර වී දකුණේ ඡුන්ද පදනම අපට ලැබෙනු ඇතැයි සමහරු සිතනවා විය හැකිය.

 එහෙත් කාට කාටත් අමතකව තිබෙන කරුණ වන්නේ ති‍්‍රවිධ හමුදාවේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ගෙන බැලූ කල ලක්ෂ දහය ඉක්මවා ගිය තීරණාත්මක ඡුන්ද ප‍්‍රමාණයක් ඒ අතර ඇතැයි යන්නය.

 ඇත්තෙන්ම මේ රටට සිදුව ඇත්තේ කුමක්ද? එක්සත් ජාතික පක්‍ෂයේ ජානගත පුරුද්දට මෙන් මීට සිව් වසරකට පෙර ගනු ලැබූ ආරම්භයේ සිට අදටත් සිදුවන රට බේරා ගන්නට ජීවිත පරිත්‍යාගයෙන් කැප වූ රණවිරුවන් එක පෙළට සිරගත කිරීම මේ මොහොතේත් නතර වී නැත්තේ ජාතියේ මොන කරුමයක් නිසාද?

 සීඅයිඩියේ සුරංගනා කතා අනුව සිදුවන මේ රණවිරු දඩයම හමුවේ අනාගතයේ දිනක අහම්බයකින් හෝ මේ රට ඉදිරියට අභියෝගයක් පැමිණියහොත් එදාට උපන් බිම වෙනුවෙන් පෙරට යන්නට කිසිවකුත් ඉදිරිපත් වනු ඇතිද?

 නැත. දේශපාලන පෙරළි හමුවේ මේ රට තුළ හැමදාමත් සිදු වන්නේ සහ සිදු වූයේ රටට ජීවය ගෙනදුන් රණවිරුවන් දඩයම් කරමින් ජාතියේ වීරත්වය පෝරකයට නංවා තොණ්ඩුව දැමීමට සැරසීම නම් ඒ වීරත්වය ව`දවී යෑම වැළැක්වීමට කිසිවකුටත් නොහැකි වන්නේය. එදාට අසරණ වන්නේ අප උපන් මේ රට සහ ජාතිය නොවේද?

p15 1

සිය ආත්මාර්ථකාමීත්වය හමුවේ විජාතික ක`දවුරට හැමදාමත් අවැසි වූයේ ශී‍්‍ර ලාංකික ප්‍රෞඪත්වය එසේ අසරණ වනු දැකීමටය. ඒ තුළින් තම තමන්ගේ ඕනෑ එපාකම් අනුව මේ රටේ ගමන් ම`ග තීරණය කිරීමටය.

 වේලූපිල්ලේ ප‍්‍රභාකරන් හරහා මේ බිම බෙදා වෙන්කර අරාජික කිරීමේ උත්සාහය අපේ විරුවන් නිසා වැරදී ගිය තැන උරණව අපට එරෙහි වූ ඇමරිකාව ප‍්‍රධාන බටහිර ක`දවුර අද ජීනීවාහිදී කරන්නේත් මංගල සමරවීර වැනි අපේ ඇමැතිවරු උන්ගේ පදේට නටමින් අත ඔසවා අනුමත කරන්නේත් එකී ජාතියක් වශයෙන් අප අසරණ කිරීමේ වෑයමය.

 තිත්ත ඇත්ත එසේ වෙද්දී අද සීඅයිඞීයේ සමූහ මංකොල්ල විමර්ශන අංශය සිදු කරගෙන යන රණවිරු දඩයමේ ජවනිකා පෙළ ගැසෙමින් තිබෙන්නේද ජිනීවා නාඩගමේම කොටසක් මේ බිම තුළ

 ර`ග දැක්වෙන්නාක් පරිදි නොවේද?

 අපි මේ බව මීට පෙරද අවස්ථා කිහිපයකදීම රටට පෙන්වා දුන්නෙමු. ජිනීවා කොඩි ස්විට්සර්ලන්තයේ එසැවෙන විට සිව් වසරක් පුරා අඛණ්ඩව ජාතියේ වීරත්වය දංගෙඩියට රැුගෙන ගිය සීඅයිඞීය ඒ වෙනුවෙන් බොහෝ සේ කැපවී කි‍්‍රයාත්මක වන්නට විය.

 එක්නැලිගොඩගෙන් ඇරඹී දිගින් දිගට විහිදී ගිය විමර්ශන අටක් පුරාම එය එසේම සිදු විය. හැමදාමත් ජිනීවා දෙස බලා කැපීනෙන සහ විජාතික ක`දවුරට සේම කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට සහ දෙමළ බෙදුම්වාදයට දැනෙන යමක් කිරීමට සීඅයිඞීයේ ඩුප්ලිකේට් ෂර්ලොක් හෝම්ස්ලා වෙහෙසුනේ නැතිද? මෙතෙක් කෙරුණු සියලූම විමර්ශන දෙස විමර්ශනාත්මකව බැලීමේදී එය පැහැදිලිවම පෙනෙන්නට තිබුණකි.

 ඉන් බොහෝ සේ සතුටට පත්වූයේ ඇමරිකාව ප‍්‍රධාන බටහිර ක`දවුර සහ එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව සහ අදටත් ඊළම තුළ සිරවී මස් රාත්තලම ඉල්ලන බෙදුම්වාදී දෙමළ දේශපාලනය විය.

 සීඅයිඪියේ මෙකී කෙරුවාවේ අලූත්ම දඩයම බවට අද පත්ව සිටින්නේ ඉකුත් විජයග‍්‍රාහී සටනේදී මේ රටේ නාවික හමුදාවට නායකත්වය දෙමින් කොටි ත‍්‍රස්තවාදීන්ගේ මුහුදු බලය සුණු විසුණු කරන්නට කටයුතු කළ අද්මිරාල් වසන්ත කරන්නාගොඩය.

p15 2

 අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමට ඉකුත් සතියේ සීඅයිඞීය දැඩි උත්සාහයක් ගනු ලැබීය. එහෙත් වසන්ත කරන්නාගොඩ විසින් තමන්ගේ සිද්ධිය ශ්‍රේෂ්ඨාධීකරණය වෙතට ගෙන යෑම හමුවේ එකී උත්සාහය තරමක් ව්‍යර්ථ විය.

 එහෙත් දැන් කියැවෙමින් තිබෙන්නේ නියත වශයෙන්ම වැල්ලවත්තේදී තරුණයන් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු පැහැරගෙන යෑමේ සිද්ධියේ චූදිතයන් ලෙස නුදුරේදීම අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා බුද්ධි බළකායේ දොළොස් දෙනකුට එරෙහිව අධිචෝදනා ගොනු කර මහාධිකරණය හමුවේ නඩු පවරන බවය.

 කියැවෙන කතාව වී තිබෙන්නේ මේ තරුණයන් පස් දෙනා ඇතුළු එකොළොස් දෙනා පැහැරගෙන යෑමෙන් පසු කප්පම් ගෙන ඝාතනය කර ඇති බවකි. එය කියන්නේද සීඅයිඞීයම ය. එහෙත් අදටත් මේ කියන කතාව සනාථ කරන්නට එහෙන් මෙහෙන් එකතු කළ සහ නිර්මාණය කළ ඒවා හැරෙන්නට පැහැදිලි නිශ්චිත සාක්‍ෂි කිසිත් සීඅයිඞීය සතුව තිබේද?

 කිසිවකු විසින් හෝ මෙම තරුණයන් ඇතුළු පිරිස පැහැරගෙන ගොස් ඝාතනය කර කළේ නම් යුක්තියේ නාමයෙන් එකී ඝාතකයන්ට ද`ඩුවම් ලැබිය යුතුය. ඒ පිළිබ`ද විවාදයක් අපට නැත. එමෙන්ම මේ සිද්ධිය හමුවේ නාවික හමුදා බුද්ධි බළකායේ පිරිසකට අධි චෝදනා භාරදී නඩු පවරන්නේ නම් අප මෙහිදී මතු කරන සාක්‍ෂි පිළිබ`ද ප‍්‍රශ්නයටත් පැහැදිලි උත්තරයක් තිබිය යුතු නොවේද?

 අප එසේ කියන්නේ මෙම සිද්ධිය පිළිබ`ද මූලික නඩු විභාගයේදී සිඅයිඞීය සාක්‍ෂි නිර්මාණය කරන්නට උත්සාහ ගත් බව අධිකරණය හමුවේදීම කියැවුණු නිසාය. එල්ටීටීඊ ත‍්‍රස්තවාදියකුව සිට පසුව නාවික හමුදාවට භාර වී නාවික බුද්ධි අංශ සම`ග කටයුතු කළ විජයකාන්තන් නමැති සීඅයිඞීය විසින් මෙම සිද්ධියේ සාක්‍ෂිකරුවකු ලෙස නම් කර සිටි පුද්ගලයකු අධිකරණය ඉදිරියට පැමිණ පැහැදිලිව ඒ බව ස`දහන් කළේය.

 ඔහු එහිදී අධිකරණය හමුවේ පවසා සිටියේ තමන් නොකී කරුණු තමන්ගේ ප‍්‍රකාශයක් ලෙස සීඅයිඞීය අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවය. අද අද්මිරාල් කරන්නාගොඩ අත්අඩංගුවට

 ගැනීමට සැරසෙන සීඅයිඞීය මෙම සිද්ධියේදී එතරම් බරපතළ වරදක් කර තිබියදී මේ මොහොත් වන තුරුත් ඒ පිළිබ`ද කෙරුණු විමර්ශනයක්ද නැත.

 මේ අන්දමට සීඅයිඞීයේ විමර්ශකයන් මෙම සිද්ධියේදී පක්‍ෂග‍්‍රාහීව කටයුතු කරන බව ස`දහන් කරමින් වරක් කරුණු රැුසක් සහිතව මෙහි චූදිතයන් වන හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාණ්ඩර් ඞී.කේ.පී. දසනායක, නැගෙනහිර නාවික බුද්ධි ප‍්‍රධෘනියා ලෙස කටයුතු කළ ලූතිනන් කමාණ්ඩර් සුමිත් රණසිංහ ඇතුළු පිරිස ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසමේ සිට වැදගත් අංශ රැුසකටම පැමිණිලි කරනු ලැබීය.

 සීඅයිඞීය සාක්‍ෂි නිර්මාණය කරන්නට උත්සාහ කළ බව අධිකරණය ඉදිරියේදීම ප‍්‍රකාශ වී තිබියදීත් අදටත් ඔවුන්ගේ පැමිණිල්ල පිළිබ`ද කෙරුණු විමර්ශනයක්ද නැත.

 එසේම වරක් මෙම සිද්ධියේදී සීඅයිඞීය සොයාගත් තවත් සාක්‍ෂිකරුවකු වන පසුගිය කාලයේ ඕස්ටේ‍්‍රලියාවට නීති විරෝධී ලෙස සංක‍්‍රමණිකයන් රැුගෙන ගිය බවට චෝදනා එල්ල වූ නාවික හමුදා ලූතිනන් කමෘණ්ඩර් වෙළගෙදර යන අයට චූදිතයන් වන ඞී.කේ.පී. දසනායක සහ සුමිත් රණසිංහ විසින් මරණීය තර්ජන එල්ල කළ බවටද සීඅයිඞීයට පැමිණිල්ලක් ලැබී තිබිණ.

 ඒ පිළිබ`දවද නිසි විමර්ශනයක් කරන ලෙස චූදිත පාර්ශ්වයෙන් වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ අධිකාරියෙන් ඉල්ලීමක් කළද අදටත් කිසිවක්ම සිදුවී නැත.

 වැල්වත්තේදී තරුණයන් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් එකොත්‍ළාස් දෙනකු පැහැරගත්තේ යැයි කියන මේ කතාවට අද්මිරාල් කරන්නාගොඩ චූදිතයකු ලෙස නම් කර ුඅත්අඩංගුවට ගැනීමට සීඅයිඞීය සූදානම් වන්නේ මේ දක්වාම එකී සිද්ධිය පිළිබ`ද පෙළ ගැසුණු කතාව මේ වී තිබියදීය.

 සීඅයිඞීය අද අද්මිරාල් කරන්නාගොඩට ඇ`ගිල්ල දිගු කරන විට මෙම සිද්ධිය හමුවේ ඒ පසුපසින් ඇති කතාවද හරි අපූරු එකකි. මෙ සිද්ධියේ මුල්ම පැමිණිලිකරු වන්නේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩය. එම පැමිණිල්ල ඔහු පොලිසියට කරනුයේ තමන්ගේ සමීප නිලධාරියකු වූ නිලන්ත සම්පත් මුණසිංහ හෙවත් සීඅයිඞීය පසුව කී පරිදි නේවි සම්පත්ට එරෙහිවය.

 මෙකී නේවි සම්පත් පිළිබ`ද සටහන් කිරීමේදී පසුගිය දිනක සිදුවූ තවත් අපූරු කතාවක්ද ඇත. ඉකුත් සතියේ හිටිහැටියේම නේවි සම්පත්ව අත්අඩංගුවට ගත් සීඅයිඞීය ඔහුව බන්ධනාගාරගත කළේය. ඒ වන විට මීට මාස කිහිපයකට ඉහත සීඅයිඞීය නේවි සම්පතක් කෙනකු බවට පරිවර්තනය කිරීමට සැරසුණ සහ ඇතැම් මාධ්‍ය මගින්ද නේවි සම්පත් ලෙස පුන පුනා හැ`දින්වූ වැල්ලවත්තේ සිද්ධිය පිළිබ`ද චෝදනා එල්ල වී ඇති ලූතිනන් කමාණ්ඩර් ප‍්‍රසාද් චන්දන හෙට්ටිආරච්චිද සිටියේ බන්ධනාගාරගතවය.

 බන්ධනාගාරයට ගෙන ආ නේවි සම්පත්ව රැු`දවනු ලැබුවේද ප‍්‍රසාද් චන්දන සිටි කුටියේමය. මෙසේ සැබෑ නේවි සම්පත් බන්ධනාගාරයට රැුගෙන ඒමෙන් පසු මේ දෙදෙනා අතරින් නියම නේවි සම්පත් කවරෙක්දැයි දැන ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ටද අවැසි විය.

 ඒ අනුව ඔවුන් සිටි කුටිය වෙත ගිය බන්ධනාගාර නිලධාරියෙක් නියම නේවි සම්පත් කවුදැයි ඔවුන්ගෙන් විමසීය. එහිදී බන්ධනාගාර නිලධෘරියාට පිළිතුරු දී ඇති නිලන්ත සම්පත් මුණසිංහ නොහොත් නේවි සම්පත් පවසා ඇත්තේ ‘නේවි සම්පත් කියන්නේ මට හැබැයි ඒ නම දැම්මේ සීඅයිඞී එක’ යැයි කියාය.

 ඔහුගේ ප‍්‍රකාශයත් අහම්බයකින් මෙන් නේවි සම්පත් අත්අඩංගුවට ගැනීම නිසා ප‍්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි තුළින් නේවි සම්පත් කෙනකු බිහි කරන්නට සීඅයිඞීය ගත් උත්සාහය ව්‍යර්ථ වී ගියේ එසේය.

 මෙම සිද්ධයේදී ප‍්‍රසාද් චන්දන හෙට්ටිආරච්චිගේ නමේ කොතැනකවත් සම්පත් යනුවෙන් ස`දහනක් නොවූවද ඔහු තුළින් නේවි සම්පත් කෙනකු මතු කරන්නට සීඅයිඞීය උත්සාහ දැරීම තවත් සුවිශේෂී සිදුවීමක් බවට අද පත්ව ඇත්තේ එසේය.

 එය කෙසේ වෙතත් එදා අද්මිරාල් කරන්නාගොඩගේ පැමිණිල්ලෙන් පසු නේවි සම්පත්ව අත්අඩංගුවට ගත් සීඅයිඞීය වසරකට අධික කාලයක් තිස්සේ සිදු කළ විමර්ශනයකින් පසු වැල්වත්තේදී තරුණයන් පස්දෙනා පැහැරගෙන ඇත්තේ නිලන්ත සම්පත් මුණසිංහ නොහොත් නේවි සම්පත් ඇතුළු නාවික හමුදා කල්ලියක් විසින් බවට ඍජු චෝදනා එල්ල කරමින් 2011 වසරේදී අධිකරණයට බී වාර්තාවක් මගින් වාර්තා කළේය.

 සත්‍ය මෙය නම් ආණ්ඩුව මාරු වී යහපාලනය කරළියට පැමිණ එයද අවසන්ව අද එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන ආණ්ඩුවක් යටතේ මෙම සිද්ධියේ පැමිණිල්ල වූ අද්මිරාල් කරන්නාගොඩ විත්තිය වන්නේ කෙසේද?

 මේවා පිළිතුරු ලැබිය යුතු ප‍්‍රශ්න නොවේද? අප දන්නා පරිදි නම් මෙසේ වී තිබෙන්නේ ආණ්ඩු මාරුවෙන් පසු නැවත වතාවක් සීඅයිඞීය වෙත එන මෙම සිද්ධීයේ ප‍්‍රධාන චූදිතයා වූ නිලන්ත සම්පත් මුණසිංහ නොහොත් නේවි සම්පත් (සීඅයිඞීයේ නිර්මාණයකි* කර ඇති දෙවන ප‍්‍රකාශයකි. ඔහු එය සිදු කරන්නේ තමන්ට ඍජු චෝදනා එල්ලවී සිව් වසරකට පසුවය.

 මෙහිදී වෙළගෙදරගේ සහ පසුගිය දිනවල රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් ධුරයෙන් පිදුම් ලබා රේගු නිලධාරීන්ගේ විරෝධය හමුවේ ගෙදර ගිය රියර් අද්මිරාල් ශ්‍යමල් ප‍්‍රනාන්දුගේ ප‍්‍රකාශයක්ද සීඅයිඞීය සිය කැකිල්ලේ න්‍යායට අනුව අද්මිරාල් කරන්නාගොඩට එරෙහිව චෝදනා ගොනු කිරීමට පදනම් කරගෙන ඇතැයි වාර්තා වන්නේය.

 එසේ නම් මෙවන් කතාවක් හමුවේ අද්මිරාල් කරන්නාගොඩ ඇතුළු නාවික බුද්ධි නිලධාරීන්ට එරෙහිව අධිචෝදනා භාර දී නඩු පවරන්කේ කෙසේද? එයද උත්ර ලැබිය යුතු සමාජ ප‍්‍රශ්නයක් බවට අද පත්ව ඇත.

 මේ අතරේ සිදුවූ තවත් සිදුවීමක්ද සටහන් කළ යුතුය. එය වන්නේ මෙම සිද්ධියටම අදාළව සීඅයිඞීය විසින් ඉකුත් සතියේදී තවත් නාිවක බද්ධි නිලධාරියකු වූ කුමාර නමැති නිලධාරියා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමය.

 අත්අඩංගුවට පත්වන විට දක්‍ෂ බුද්ධි නිලධාරියකු වූ කුමාර සිටියේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතන සිද්ධියේදී දැනට ස්නයිපර් වර්ගයේ ගිනි අවියක් සම`ග අතුරුද්නව සිටින එල්ටීටීඊයේ සිටි සුපිරි ස්නයිපර්කරුවකු වූ ඉලක්කියන් මාස්ටර් නමැත්තා පසුපස හඹායමිනි.

 එසේම ප‍්‍රභූ ජීවිත ගණනාවකට අද තර්ජනයක් වී තිබෙන ඉන්දියාවේ සිට පැමිණි එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් පිරිසක් මේ වන විට කොළඹට ගෙනවිත් ඇති ක්ලේමෝ බෝම්බ ඇතුළ අවි ආයුධ තොගයක් සම`ග එම ත‍්‍රස්තයන් සොයා යෑමේ සංවේදී බුද්ධි මෙහෙයුමකටද නාවික බුද්ධි නිලධාරී කුමාර දායක වී සිටියේය.

 එසේ නම් හිටි හැටියේ එක්වරම වැල්ලවත්තේ සිද්ධිය ගෙන සීඅයිඞීය ඔහුව අත්අඩංගුවට ගත්තේ ඇයි. මේ ඉටු කෙරුණේ ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් අද බන්ධනාගාරගතව සිටින හිටපු ඞීඅයිජී නාලක සිල්වාගේ කොන්ත‍්‍රාත්තුවක්ද? නැතිහොත් වෙන අන් යමක්ද?

 අපි අවසන් වශයෙන් ඒ ප‍්‍රශ්නය විමසා සිටිනුයේ අද පොලිසිය භාර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සීඅයිඞීයේ හෙට අනිද්දා විශ‍්‍රාම යෑමට නියමිත ලොකු මහත්වරු කැ`දවා මේ ප‍්‍රශ්නයට නිසි පිළිතුර සොයාගනු පිණිසය.

 සමන් ගමගේ

Related posts

මේ රට අදවන විට භාරකාරයෙක් නැති රටක් බවට පත් වෙලා…

colombotoday

දුමින්ද ශ්‍රීලනිප ජාතික සංවිධායක තනතුරක් ඉවතට

colombotoday

අගමැති පරාද විය යුතුයි නැත්නම් ඉල්ලා අස්විය යුතුයි

colombotoday

ගව හොකමේ ගිය අයෙක් වෙඩි කා මරුට – තවත් අයෙක් රෝහලේ

Admin

ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000කට නව බඳවාගැනීම් කඩිනමින්

Admin

“මං සර්ගෙ ගෙදර මාස 6ක් වළං හෝදන්නම්, අනේ සර් කාටවත් කියන්න එපා“ රහස් රැසක් සමග ශානි-රංජන් හඩ පට එළියට…

colombotoday