Colombo Today Local NewsWorld

කුවේටයේදී අතුරුදන්වූ ගෘහ සේවිකාවගේ සිරුර වසරකට පසු අධි ශිතකරණයක තිබී සොයාගනී

ශීතකරණයක තිබී පසුගිය මාසයේ මළ සිරුර හමු වූ පිලිපීන ගෘහසේවිකාව මරා දැමීම සම්බන්ධයෙන් සැක කෙරෙන ඇයගේ හාම්පුතා සතියක් තිස්සේ සිදු කරන ලද පොලිස් වට ලෑමකින් පසු අත්අඩංගුවට ගනු ලැබුණි.

ජෝනා ඩෙමෆෙලිස් (Joanna Demafelis) නම් විසිනව හැවිරිදි එම පිලිපීන ග්‍රහ සේවිකාව මෙයින් අවුරුද්දකටත් අධික කාලයකට පෙර අතුරුදහන් වී යයි වාර්තා කෙරුණ අතර මළසිරුර ඇය සේවය කළ තට්ටු නිවාසයේ ශීතකරණයක තිබී පසුගියදා හමුවුණි.

ගෘහ සේවිකාවගේ හාම්පුතා වන නාදෙර් එසාම් අසාෆ් (Nader Essam Assaf) නම් සැකකරු ලෙබනනයේ දී අත්අඩංගුවට ගත් බව පිලිපීන විදේශ කටයුතු අමාත්‍යාංශය සිකුරාදා(පෙබරවාරි 23) වාර්තා කළේය.

ගෘහසේවිකාවගේ මරණය පිලිපීනය පුරා මහජන කැළඹීමකට හේතු වූ අතර එම තත්වය එරට ශ්‍රමිකයන් කුවේට් රාජ්‍යයට යැවීම තහනම් කරනු ලැබීමක් ප්‍රකාශයට පත්කරනු ලැබීමට පවා හේතු විය.

සැකකරුගේ ‘මෝනා’නමැති සිරියානු ජාතික බිරිඳත් එම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කරන අතර ඇයත් නීතියේ රැහැනින් මිදී කට්ටි පනිමින් සිටින්නීය.

ඇය සිරියාවේ වාසය කරනු ඇතැයි විශ්වාස කෙරෙයි.

ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලිසිය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ ඇත.

නාදෙර් එසාම් අසාෆ් (Nader Essam Assaf) අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ පිලිපීන විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා එය ” සිය රටේ ගෘහසේවිකාව වෙනුවෙන් යුක්තිය ඉටු කරනු ලැබීමේ පළමු පියවර” ලෙස විග්‍රහ කළේය.

‘ජෝනා’ නමැති ගෘහ සේවිකවගේ මළ සිරුරේ ඇයට වධහිංසා සිදු කර ඇති බවට ළකුණු දක්නට ලබෙන බව පිලිපීන නිලධාරීහු පවසති.

එම අපරාධයෙන් අනතුරුව කුවේටයේ රැකියා කරන සිය ශ්‍රමිකයන්ට ආපසු සියරට පැමිණීමට පහසුකම් සලසන බව පිලිපීන ආණ්ඩුව ප්‍රකාශ කර ඇත.

BBC

Related posts

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

colombotoday

මහවැලි ව්‍යාපාරය උතුරට පැමිණීම නිසා උතුරේ සිංහල ජනගහනය වැඩි වී දෙමළ ජනතාව විශාල අනතුරක – ඩග්ලස් දේවානන්දා

colombotoday

රාජිත හමුදාව යොදවා කංසා වවයි.. පළමු වගාව මතුගම !

colombotoday

සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්‍ෂණ

colombotoday

ඇමති චම්පික ඉදිරිපත් කල හෙළ උරුමේ ගෝලයන්ට දරුණු පරාජයක්

colombotoday

සාක්ෂි ලබාදීම බලන්න ආ මෛත්‍රීට ඔක්. 05 කොමිසමේ පෙනී සිටින්න නියෝග

colombotoday