Colombo Today Local News

ඊබ්‍රහිම්ගේ කුළුබඩු ව්‍යාපාරයෙන් සහ තඹ කර්මාන්ත ශාලාවෙන් ඉපයූ බිලියන ගණනක් සහරාන්ගේ ත්‍රස්ත කල්ලියට දීලා

ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය පවත්වාගෙන යෑම සඳහා සියලූ මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇත්තේ ෂැංගි‍්‍රලා හෝටලයේදී බෝම්බ පුපුරුවා ගෙන සියදිවි හානි කරගත් ප‍්‍රකට ව්‍යාපාරිකයකු වන මොහොමඞ් ඊබ‍්‍රාහිම් ඉන්සාෆ් අහමඞ් විසින් බව පොලිස් බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇත.

මහා පරිමාණ කුළුබඩු ව්‍යාපාරයෙන් සහ තඹ කර්මාන්ත ශාලාවෙන් ඉපයූ රුපියල් බිලියන ගණනක මුදලක් ඉන්සාෆ් අහමඞ් මෙම ත‍්‍රස්ත සංවිධානය දියුණු කිරීම සඳහා යොදවා ඇති බව බුද්ධි අංශ පවසයි.

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරු 17 ක් පවත්වාගෙන යෑමට සහ ආරක්‍ෂිත නිල නිවස්න මිලදී ගැනීමට, යාන වාහන මිලට ගැනීමට මෙන්ම ආධුනික ත‍්‍රස්තවාදීන් පුහුණු කිරීම සඳහා මූල්‍ය පහසුකම් ඉන්සාෆ් අහමඞ් විසින් ලබා දී ඇති බව අනාවරණය වී ඇත.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කිරීමට දින 4 කට පෙර එනම් අපේ‍්‍රල් මස 17 වැනිදා ඉන්සාෆ් අහමඞ් පෞද්ගලික බැංකුවක සිය ගිණුමෙන් රුපියල් ලක්‍ෂ 340 ක මුදලක් ලබාගෙන එය තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ ඉදිරි කටයුතු සඳහා පාවිචිච් කිරීමට සහරාන්ගේ සොහොයුරා වූ රිල්වාන්ට ලබා දී ඇති බව බුද්ධි අංශ විසින් හෙළිකරගෙන තිබේ.

සමන්තුරේ සයින්දමරුදු ප‍්‍රදේශයේදී මොහොමඞ් රිල්වාන් ඇතුළු තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ සාමාජිකයන් බෝම්බ පුපුරුවා ගෙන සියදිවි හානි කර ගත් අවස්ථාවේ එම නිවසේ තිබී සොයාගත් මුදල් ඉන්සාෆ් අහමඞ් ලබාදුන් මුදල් බව ද අනාවරණය වී ඇත.

Related posts

වනජීවි වර්ජනයෙන් යාල ජාතික වනෝද්‍යානය වැසෙයි

colombotoday

ඒකාබද්ධයට පාර්ලිමේන්තුවේ අසුනක් අහිමිවෙයි.. ශ්‍රීයානි විජේවික්‍රම ජනපතිට එක්වෙයි

colombotoday

ජනපති තේරීමේදී පොහොට්ටුවේ සහය රනිල්ට

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ දීමට උපදේශක මණ්ඩලයක්

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට වරෙන්තු

Admin

රට Lock Down කළොත් එදා වේල හම්බකරන් කන මිනිස්සුන්ට මොකද වෙන්නේ ?

colombotoday