Colombo Today Local News

ඉස්ලාමිය අන්තවාදය නැති කරන්න සහාය වන්නැයි ජනපති පාකිස්ථාන රජයෙන් ඉල්ලයි

ඉස්ලාමීය අන්තවාදයට එරෙහි සටනේ දි ශ‍්‍රී ලංකාවට සහාය වන ලෙස ද ජනාධිපතිතුමා පාකිස්ථාන රජයෙන්ඉල්ලිමක් කළේය.

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය ෂාඩ් මහමුද් කුරේෂි ඊයේ (02) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවු අවස්ථාවේදි ජනාධිපතිවරයා මේ බව පැවසීය.

තමන්ගේ සහ තම රජයේ සුභාශීංසන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා දෙරට අතර ආර්ථික සංවර්ධනය, වෙළෙඳ කටයුතු, ආරක්ෂිත සහයෝගිතාව සහ කලාපීය සහයෝගිතාව යන ක්ෂේත‍්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමෙහිලා පාකිස්ථානයේ දැඩි උනන්දුව ප‍්‍රකාශ කළේය.

“දැනටමත් දෙරට අතර ඇත්තේ සමීප මිත‍්‍රශීලි සහ උණුසුම් සබඳතාවක්. සහයෝගිතාව වපසරිය පුළුල් කර ගනිමින් එය තවදුරටත් ශක්තිමත් කර ගැනිම පාකිස්ථානයේ බලාපොරොත්තුව” වන බව මෙහිදි විදේශ අමාත්‍යවරයා පැවසීය.

තම රට සතු බෞද්ධ උරුමය සංවර්ධනය කර ආරක්ෂා කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව සමග එක්ව කි‍්‍රයාකිරීමට තම රජය කැමැත්තෙන් සිටින බවද අමාත්‍ය කුරේෂි මහතා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසුවේ මුල්‍යමය ආධාර සොයනු වෙනුවට අප වෑයම් කළ යුත්තේ අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී පදනම මත වෙළෙඳ හා ආයෝජන ක්ෂේත‍්‍රයන්හි අඛණ්ඩ ප‍්‍රගතිය සහතික කිරීම සඳහා බවයි. පකිස්ථානයට බුලත් අපනයනය ජනාධිපතිතුමා එහිදි උදාහරණයක් ලෙස දැක්වීය.

“මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය භාවිතය අප රට මුහුණ පා සිටින බරපතළඋවදුරක්, මේ ව්‍යසනය පිටුදැකීමට අප පකිස්ථානයේ සහයෝගය අපේක්ෂා කරනවා”ජනාධිපති රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මොහෙමඩ් ෆයිසාල් සහ ශ‍්‍රී ලංකාවේ වැඩබලන පාකිස්ථාන මහකොමසාරිස් තන්වීර් අහ්මඩ් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

සාසනේ හිල් වහන්න ගෙනා ත්‍රිපිටක පනතේ හිලක්. – පර්යාප්තිය රකින මුවාවෙන් ම නසන මාරයාගේ උප්පරවැට්ටියක්.

colombotoday

හිතාමතා සිදුකල අනතුරකින් පුද්ගලයෙක් මරුට

Admin

තබ්බෝව රක්ෂිතයේ අක්කර 175ක් ඇමති බෑණාට.. අණපණත් කුණූ කූඩයට දමා කැබිනට් අනුමැතිය දෙයි !

colombotoday

මහින්ද රාජපක්ෂ විපක්ෂනායක ලෙස කතා නායක පිළිගනී.. කිරිඇල්ල විරුද්ධ වෙයි…

colombotoday

බස් වර්ජනය අවසන් වෙන්න හේතුව මෙන්න

Admin

ඉන්දු – ලංකා ගිවිසුම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් විශේෂ නිවේදනයක්

colombotoday