World

“ඉරානය සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක” – ට්‍රම්ප්

ඉරානය කෙටිදුර විහිදුම් මිසයිල අත්හදා බැලීමක් සහ රේඩාර් පද්ධතිය පරීක්ෂා කිරීමේ හමුදා පුහුණු මෙහෙයුමක් දියත් කොට තිබේ.

ඉරානය මෙම පියවර ගනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය විසින් එරට මිසයිල අත්හදා බැලීම් වලට එරෙහිව සම්භාදක පනවනු ලැබ දිනක් ගත වීමෙන් අනතුරුවයි.

පසුගිය ඉරිදා ඉරානය සිදු කළ බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සහ ටෙහෙරාන් පාලනය විසින් ත්‍රස්තවාදයට දිගින් දිගටම සහය ලබා දීම හේතු කොට ගෙන මෙම සම්බාධක පැනවූ බව ජනාධිපති ට්‍රම්ප් පාලනය ප්‍රකාශ කොට තිබේ.

  • සම්බාධක වලට උතුරු කොරියාවෙන් මිසයිල් පිළිතුරු
  • මියන්මාරයට එරෙහි වෙළඳ සම්බාධක ඉවත්කෙරෙයි
  • “ඇමරිකාවට සහාය ලබා දුන්නොත් සම්බාධක ඉවත් කරනවා”
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් පවසා තිබුනේ

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් පවසා තිබුනේ “ගින්දරත් එක්ක සෙල්ලම් කරන ඉරානය ජනාධිපති ඔබාමා පෑ කරුණාව ඇගයීමට නොදත් රටක්” බවය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ ඉරාන රජය කියා සිටියේ අත්දැකීම් අඩු පුද්ගලයෙකුගේ මෙවැනි ප්‍රකාශ නිෂ්එල බවත් ඇමරිකාව විසින් පනවනු ලැබූ සම්බාධක වලට පිළිතුරු වශයෙන් ඊට සමාන පියවරක් සිය රජය ද ගැනීමට බලාපොරොත්තු වන බවත්ය.

Related posts

IS යක්ෂයෝ ලිංගික වහලියන් වීම ප්‍රතික්ශේප කළ තරුණියන් 19 ක් පණපිටින් පුළුස්සයි

colombotoday

ඉන්දියාවේ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මරුට

colombotoday

කළු ජාතික කාන්තාවකට අමෙරිකාවේ පොලිසියෙන් වෙඩි

Admin

කොවිඩ්-19 නිසා ඉතාලියේ වෛද්‍යවරු 23ක් මරු දකී

colombotoday

වසර 5,000ක් පැරණි බියර් කර්මාන්තශාලාව ඊජිප්තුවෙන් මතුවෙයි

colombotoday

සජා හි කොරෝනා මරණ භූමිදානය කිරීම තහනම්

colombotoday