Colombo Today Local News

ඉන්දියාවේ සිට රැගෙන එමින් තිබු කහ කිලෝ 6000ක්සමග සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා බාරයට

හලාවත තුඩුවේ සිට නාවික සැතපුම් 10ක් පමණ දුර මුහුදේ, සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී එහි තිබී නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ කහ තොගයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.

නාවික හමුදා බාරයට ගත් කහ තොගයේ බර, තෙත බර සහිතව කිලෝග්‍රෑම් 6381ක් පමණ වන බව නාවික හමුදාව පවසයි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලබා දී ඇති සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව විෂබීජහරණය කරන ලද කහ තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා රේගු දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

අත්අඩංගුවට ගත් යාත්‍රාවේ සිටි සැකකරුවන් සිව්දෙනා ඉන්දියානු ජාවාරම්කරුවන් සමග මුහුදේ දී ස‌බඳතා පැවැත් වූ බවට සැකකරන බැවින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද ඇතුළුව නිරෝධායනය සඳහා යොමු කර ඇත.

මේ අතර නාවික හමුදා බාරයට ගත් යාත්‍රාවේ සිටි සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත, මෙම ජාවාරමට සම්බන්ධ ගැණුම්කරුවන් ලෙස සැකකෙරෙන පුද්ගලයින් 09 දෙනෙකු ද නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ හලාවත පොලීසිය එක්ව හලාවත නගරයේ දී කුඩා වෑන් රථයක් සහ මුදලින් රුපියල් 2,242,500ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් අවුරුදු 27- 66 අතර වයසේ පසුවන වත්තල, කටුගස්තොට, මහනුවර, බේරුවල සහ තොඩුවාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇත.

එම පිරිස අතර අත්අඩංගුවට ගත් යාත්‍රාවේ හිමිකරුද සිටින බව නාවික හමුදාව පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් හා භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා හලාවත පොලීසිය වෙත භාර දී තිබේ.

Related posts

බත් කෑම මාරාන්තිකයි – විල්පත්තු පාළුවාගේ ගෝලයෝ ගුල්ලොත් එක්ක හාල් විකුණයි

colombotoday

මහ හඩක් නගමින් බදුල්ලේ ප්‍රදේශ කිහිපයක පොළොව හෙළවෙයි…

colombotoday

“ප්‍රභාකරන් අද හිටියානම් මේ ආණ්ඩුවේ අගමැති“ – විජයකලා ප්‍රභාකරන්ගේ ගුණ ගයයි (Video)

colombotoday

බාල ඉන්ධන තොගයක් ගෙන්වලා.. ගුවන් යානා අනතුරේ !

colombotoday

පාසලට සිසුන් අතුළත් කිරීමේදී රු ලක්ෂ 76ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කල විදුහල්පතිට මාරුවක්

Admin

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin