Colombo Today Local News

ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලයි.. සියලු ආර්ථිකයන් කඩා වැටෙද්දී අපි කෙලින්…

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල කඩා වැටීමට හේතුව ඇමෙරිකාව හා චීනය අතර ඇතිව තිබෙන වෙළෙද ඝට්ටනය බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 5.29කින් අවප්‍රමාණය වී ඇති බව කී රාජ්‍ය ඇමැතිවරයා ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ දකුණු ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බවද කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

ආර්ථික අර්බුදය පවතින්නේ ලංකාවේ පමණක් නොවෙයි. ලෝකයේ සෑම මුදල් ඒකකයක් සමගම සැසදූ විට ඩොලරය ඉහළ ගිහින් තිබෙනවා. ඩොලරයේ අගය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාස දක්වා 5.29කින් ඉහළ ගිහින් තිබෙනවා.

ඉන්දියාවේ රුපියල ඩොලරයට සාපේක්ෂව 13.12කින් ඉහළ ගිහින් තිබෙනවා. ලංකාවේ 5.29ට තිබුණු අගය 08 දක්වා වැඩි වෙලා තිබෙනවා. පකිස්ථානයේ 11.22කිනුත්, ඉන්දුනිසියාවේ 9.61 කිනුත් ඩොලරයේ අගය වැඩි වෙලා තියෙනවා.

ආසියාවේ තායිලන්තයේ හා සිංගප්පුරුවේ හැරුණු විට ලංකාවේ රුපියල පාකිස්තානය, ඉන්දියාව, ඉන්දුනිසියාව ආදි මේ සියලු රටවල්වලට වඩා විශාල ලෙස ශක්තිමත්.

කොහොමවුණත් අපේ රටේ රුපියල ශක්තිමත්. අපි රට බාර ගනිද්දි 7.7ට පැවැති අයවැය හිගය 5.5 දක්වා අඩු වෙලා තිබෙනවා. විදේශීය සංචිතය ඩොලර් බිලියන 9 වඩා වැඩියි. ආනයනය කරද්දි ගැටලුවක් පවතින නමුත් අපනයනයේදී මෙය වාසියක්. කොහොම වුණත් සාපේක්ෂව අපි තවමත් ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය තිබෙන රටක්.

Related posts

සෝමාවතී වනෝද්‍යානයත් අන්තවාදී මකර කටේ.. අක්කර තුන්දාහක් දැනටමත් වනසලා !

colombotoday

රාගම ගුවන් පාලම අසල ඇළක නාඳුනන මළ සිරුරක්

Admin

ගුරුකන්ද විහාරස්ථානයට බුදුපිළිමයක් වැඩවීම ගැන ටී.එන්.ඒ. මන්තී‍්‍රවරු කුලප්පු වෙති

colombotoday

කටුබැද්දේ බූරු පිටියක් වටලා 9ක් අල්ලයි

colombotoday

සිංහලයන්ට පමණක් රටේ නායකත්වය දෙනු බෑ.. දෙමළ, මුස්ලිම් අයටත් උප ජනාධිපති තනතුරක් ඕන..

colombotoday

ජාතික ඉන්ධන අවසර පත්‍ ප්‍රවේශම් කරගන්න – ඇමති කංචන කියයි

colombotoday