Colombo Today Local News

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් විශ්‍රාම වැටුප් ගෙවන්න… ජනපතිගෙන් උපදෙස්

මෙහෙයුම් රාජකාරී කටයුතුවල දී හෝ ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතු කොටගෙන හෝ වෙනත් නීතිය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු නිසා හෝ ආබාධිත ති‍්‍රවිධ හමුදා රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් / යැපෙන්නන් වෙත වයස අවුරුදු 55 දක්වා ගෙවන ලද වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පියවර ගැනේ.

ඒ අනුව ඉදිරි මාස දෙකක් තුළ ඒ ස`දහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතය.

ආබාධිත රණවිරුවන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ මෙම ගැටලුව විසඳීම සඳීහා ජනාධිපතිගේ මැදිහත්වීම මත ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති පියවර පිළිබඳ දැනුවත් කිරීමට ඊයේ (25දා)  ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී මේ බව සඳහන් කෙරිණි.

ආබාධිත හා මියගිය රණවිරුවන්ගේ ජාතික සංසදය, රණවිරු බිරින්දෑවරුන්ගේ දිස්ති‍්‍රක් සහ ජාතික සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් එම හමුවට කැ`දවා තිබිණි.

ආබාධිත රණවිරුවන් විසින් ඉල්ලීම් 08 ක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර තිබූ අතර එම සියලු ගැටලුවලට විසඳුම් ලබාදිමට ජනාධිපතිගේ මගපෙන්වීමෙන් මේ වන විට පියවර ගෙන තිබේ.

Related posts

උඩුදුම්බර කාශ්‍යප හිමියන් ආරම්භ කල උපවාසය අවසන්

colombotoday

මන්ත්‍රී අසංක නවරත්න දුරකථනය ට පනී

Admin

ලංකාවේ තහනම් කර තිබූ LTTE හිතවාදී සංවිධාන 8ක තහනම ඉවතට

colombotoday

දෙවනගල පුදබිමේ කෙසෙල් වගාකිරීමට දැරූ උත්සාහය වලක්වයි

colombotoday

“ජාතිවාදී උද්ඝෝෂණ, විග්නේෂ්වරන් – ඒකාබද්ධ විපක්ෂය අතර ඩීල් එකක්“ – මරික්කාර්

colombotoday

ලී මඩුවෙ චන්දරේගෙ පුතාගෙ හෝටලේ තමයි බුවනෙකබාහු රජු නඩු ඇහුවේ

colombotoday