Colombo Today Local News

අසහාය සිනමාවේදියා දැයෙන් සමුගනිද්දී සම්මානය හොරු ගනී…

මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියාවෙන් රණ මයුර සම්මානය සමග ප්‍රදානය කර තිබූ පදක්කමක් ඊයේ (02) දින අතුරුදන්ව ඇති බව බම්බලපිටිය ‍පොලීසිය පවසයි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිනමාවට නැගූු ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් 1965 වර්ෂයේදී ඉන්දියාවේ නව දිල්ලි සිනමා උළ‍ලේදී රණ මයුර සම්මානයෙන් පිදුම් ලැබුවේය. එහිදී එම සම්මානය සමග හිමිවූ පදක්කම මෙසේ අතුරුදන්ව ඇත.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ දින සිදු කෙරුනු අතර උදෑසන 10.15ත් 11.00ත් අතර කාලයේදී නිවසේ තිබූ මෙම පදක්කම අතුරුදහන් වී ඇති බවට ඒ මහතාගේ ඥාති දියණියක් ඊයේ සවස බම්බලපිටිය ‍පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව බම්බලපිටිය ‍පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Related posts

දින 5ක් තුල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 440,000 ක් බෙදාහැර අවසන්

colombotoday

NSBM වලටත් වෛද්‍ය පීඨයක්

Admin

වසර 10කට පසු ප්‍රයිවට් බස් නැති ගාලු පාරේ සිදුවූ ලස්සන වෙනස !

colombotoday

සහල් ආනයනට පෞද්ගලික අංශයට අවසර

Admin

“ආණ්ඩුවට අවුරුද්දයි බොරු පොරොන්දු කප්පරයි” අඛණ්ඩ විරෝධයකට උපාධිධාරීන් සැරසෙයි

colombotoday

නව බන්ධනාගාර කොමසාරිස් වරයෙකු පත් කරයි

colombotoday