Colombo Today Local News

අල්ලස් ගත්බව පැවසුවාට රාජිත හා චම්පික ඇවන්ගාඩ් නිශ්ශංකගෙන් පළි ගනියි

nissanka-senadhipathiඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ හිටපු මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු ඊයේ (6) සවස 3.30 ට පමණ අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබිය. අත්අඩංගුවට ගත් මේ දෙපළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඉදිරිපත් කළේය.

එහිදී ගිහාන් පිලිපිටිය මහතා විසින් මේ එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක හමාර බැගින්ද, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපය බැගින්ද නියම කර ඇප මත මුදා හරිනු ලැබූහ.

ඇවන්ගාර්ඩ් මෙරිටයිම් සභාපති නිශ්ශංක සේනාධිපති නෛතික ගැටලුවලට මැදි කරමින් සිටින්නේ ආණ්ඩුවේම දේශපාලකයින් දෙදෙනෙක් වන චම්පික රණවක හා රාජිත සේනාරත්න යන ඇමතිවරුන් දෙදෙනා බව ප්‍රසිද්ධ රහසකි.

මීට මාස දහයකට ඉහතදී colombo today අප වෙබ් අඩවියට නිශ්ශංක සේනාධිපති මහතා විසින් ලබාදුන් සාකච්ඡාවකදී අමාත්‍ය රාජිත සේනාරත්න, චම්පික රණවක, අර්ජුන රණතුංග අල්ලස් ලබාගත් බවට කල ප්‍රකාශයක්  වාර්තා කිරීම හේතුවෙන් ඇමතිවරු තිදෙනා රහස් පොලීසියටද පැමිණිලි කරන ලදී. පසුව අල්ලස් ලබාගැනීම සම්බන්ධ හඩපට සේනාධිපති මහතා අන්තර්ජාලයට එක් කිරීම හේතුවෙන් ඇමතිවරු පසුබසින ලදි.

Related posts

අද රාත්‍රී 10 සිට දිවයින පුරා ඇඳිරි නීතිය

colombotoday

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට තීරණයක්

Admin

පොලිස්පති නමනව.. නාවික හමුදාපති තලනව.. ස්වාධීන කොමිෂන් සභා බෝඩ් ලෑලි වෙලා

colombotoday

“ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන.ඇමතිගේ තර්ජනවලට අපි බය නෑ”

colombotoday

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට CID පරීක්ෂණ ඇරඹෙයි

colombotoday

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කරදෙන්නැයි ඉල්ලා සන්දේශයක් භාර දෙයි

Admin