Colombo Today Local News

අරාබි පාසලකට මුදල් එකතු කළ 5 දෙනෙක්‌ අත්අඩංගුවට

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ ඉදිකරන අරාබි මද්‍රා පාසලකට මුදල් එකතු කරමින් සිටි පුද්ගලයන් පස්‌දෙනකු ඔවුන් පැමිණි වෑන් රථයක්‌ සමග වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේදී පෙරේදා (10 දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව බෝගහකුඹුර පොලිසිය පවසයි.

ත්‍රිකුණාමල කින්නියා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි අයකු සහ මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙසේ මුදල් එකතු කරමින් සිටියදී පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයන් වයස අවුරුදු තිස්‌ එකක, විසි අටක, විසි හතක, තිස්‌ තුනක සහ විසි නවයක වයසේ පසුවන්නන් බවද බෝගහකුඹුර පොලිසිය කියයි.

මෙම පුද්ගලයන් වැලිමඩ බෝගහකුඹුර ගුරුතලාව ප්‍රදේශයේදී අරාබි මද්‍රd පාසලකට මුදල් එකතු කරමින් සිටින බවට බෝගහකුඹුර පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත බෝගහකුඹුර පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ විසින් රාත්‍රියේදීම මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් වැලිමඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්‌ඩාරවෙල පොලිස්‌ අධිකාරි අතුල ද සිල්වා මහතාගේ උපදෙස්‌ පරිදි බෝගහකුඹුර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එච්. යූ. ප්‍රියන්ත මහතාගේ අධීක්‍ෂණය යටතේ බෝගහකුඹුර පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ සිදු කරති

Related posts

මත්පැන් බලපත්ලාභීන්ගෙන් සුරාබදු කොමසාරිස්ට එන්තරවාසියක්

colombotoday

ETI අධ්‍යක්ෂවරුන්ට ඇප

colombotoday

ඉන්ධන පිරවුම් හලක් අසල නාදුනන මළ සිරුරක්

colombotoday

සෙලින්කෝ සමාගමට එරෙහි රැල්ලක් රටපුරා – සෙලින්කෝ සමාගමේ භාණ්ඩ හා සේවාවර්ජනය කිරීමට සැරසේ – සිවිල් සංවිධාන එකතුවේ.

colombotoday

‘වැට් බද්දෙන් ව්‍යාපාරිකයා සුනේ සුන්’.. ඉතිහාසයේ මුල්වරට ගම්පහත් හර්තාල්

colombotoday

නීතීඥ සංගමයත් බැදුම්කර බෑණාගෙන් සල්ලි අරන් – රන්ජන් CID යයි

colombotoday