අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා දේශීය සමාගම් දෙකකට අවසර ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එමගින් සංචාරකයින්ට කොළඹ, මඩකලපුව, සීගිරිය, පලාලි, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට අඩු කාලයකින් සංචාරය කිරීමට අවස්ථාව හිමිවනු ඇති අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.
තිරසාර සංවර්ධනය සඳහා ගෞරවාන්විත බලගැන්වීම උදෙසා වන නැගෙනහිර පළාතේ එම්.ජේ.එෆ්.මධ්‍යස්ථානය කල්කුඩා ප්‍රදේශයේ විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.