Colombo Today Local News

“අපේ පාක්ශිකයන් හොය හොයා රස්සා දෙනවා” නවීන්ගේ ප්‍රකාශයට රැකියා නැති උපාධිධාරීන්ගේ විරෝධය

2012 ඉදලා මේවන තෙක් වසර 6ක් තිස්සේ උපාධිධාරීන් 60000 කට අධික පිරිසක් රැකියා විරහිත පෝලිම්වල ඉද්දී ආන්ඩුවේ ඇමැතිවරු කරන නිර්ලැජ්ජීත ප්‍රකාශ අපි තරයේ හෙලා දකිනවා.

ඊයේ දින ගෝල්ෆේස් පිටියේ පැවති එ.ජා ප ජන රැලියේදී නවීන් දිසානායක මහතා කල ප්‍රකාශය හෙලා දකිමින් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු මහේෂ් විමුක්ති ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී මේ පිලිබඳව අදහස් දැක්විය.

වැඩිදුරටත් අදහස් දැක්වු මහේෂ් විමුක්ති මහතා…

“නිල් කොල ආන්ඩු 2 යටතේම උපාධිධාරීන් රැකියා විරහිත පෝලිම්වල සිට රැකියා ලැබෙන තුරු කාලයක සිට බලා ඉන්නවා. රැකියා ඉල්ලලා පාරට බහිද්දි පසුගිය ආන්ඩු උපාධිධාරීන්ට සැලැකිවේ කදුලු ගෑස්, ජල ප්‍රහාර , බැටන් පොලු වලින් දිගින්් දිගටම කරපු උද්ඝෝෂණ වල ප්‍රතිඵල විදියට පසුගිය කාලයේ උපාධිධාරීන් 20000 ක පත්විම් ලබා දෙන්න එකග වුනත් පසුගිය අගෝස්තු වල ඉන් 4000කට පමනක් රැකියා ලබා දිලා අදියර 3ක් යටතේ රැකියා ලබා දෙන බවට බොරු පොරොන්දු ලබා දෙමින් උපාධිධාරීන් රැවැටිමට ලක්කලා . පසුගිය කාලයේ මහින්ද , මෙත්‍රි , රනිල් බලසුදුව හමුවේ උපාධිධාරීන් ගේ රැකියාවේ සිහිනය තවදුරටත් බොද වුනා. උපාධිධාරීන් ගේ සිහින තව තවදුරටත් බෙදනොකොට ආන්ඩුව වගකිම්සහගතව කටයුතු කරන්න කියලා බල කරනවා.

මේඅනුව වහාම රැකියා ලබා දීමට ජාතික ප්‍රතිපත්තියක් සකසීමත් කප්පාදුවකින් තොරව සියලු උපාධිධාරීන්ට වහා රැකියා ලබාගැනීම පෙරටුකර ගනිමින් අඛණ්ඩ අරගලවලට අවතීර්නවන බව අවධාරනය කරයි.

Related posts

‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි

Admin

ජීවිත අහිමි කල සරසවි බස් අනතුර

Admin

රණවිරු සුනිල් රත්නායකට සමාවදීම ගැන ක්ෂමා සංවිධානයේ කනගාටුව

colombotoday

ගම්මන්පිලට තියෙන්නේ අඩු බර මොළයක් – මුජිබර් රහුමාන් කියයි

colombotoday

මහමෝලෙක් පක්ෂ කාර්යාලයකට පැන යකා නටයි

Admin

සිරකරුවන් සතුව තිබූ ජංගම දුරකතන 800 ක් අත්අඩංගුවට

colombotoday