Colombo Today Local News

අනිවාර්ය ජල ගාස්තු වැඩිවීමක් අතළඟ

නිෂ්පාදන පිරිවැය අධිකලෙස ඉහළ යාම හේතුවෙන් කඩිනමින් ජල ගාස්තු වැඩිවීමක් සිදුකිරීමට බලාපොරොත්තුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ. ඒ. අන්සාර් මහතා පවසයි.

අන්සාර් මහතා වැඩිදුරටත් කියා සිටියේ 2012 වසරෙන් පසු ජල ගාස්තුවේ වැඩිවීමක් සිදුකර නොමැති බවත් ඉන්පසු කාලය තුළ ජල ඒ්කකයක නිෂ්පාදන වියදම ඉහළගොස් මේ වනවිට ජල ඒකකයක් පිරිපහදු කිරීම සඳහා මණ්ඩලයට රුපියල් 47ක් වැයවන බවත් ය. නමුත් ජල ඒකකයක් සඳහා පාරිභෝගිකයින්ගෙන් අයකරන්නේ රුපියල් 12ක් බවද ඒ මහතා පැවසීය.

මේ හේතුවෙන් නිෂ්පාදන පිරිවැයෙන් සියයට 25ක් පමණක් පාරිභෝගිකයන්ගෙන් අයකරන බවත් ජල ගාස්තු වැඩි කිරීම පිළිබඳ අමාත්‍යමණ්ඩල අනුමැතිය සඳහා අමාත්‍යමණ්ඩල අනුකමිටුවක් ද පත්කර ඇති බවත් අන්සාර් මහතා පැවසීය.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව අදාල ගාස්තු වැඩිවීම සිදුවන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

අගමැතිට එරෙහි වූ ශ්‍රීලනිප ඇමතිලා ආණ්ඩුවෙන් ඉවත් කරන්නැයි එජාපය නිල වශයෙන් දන්වයි

colombotoday

ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැව් සති ගනන් අතරමග

colombotoday

අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බවට නීතිපතිගෙන් ප්‍රතිඥා

colombotoday

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළට

colombotoday

සූරියඅරණ ගගේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්

Admin

ඇමතිකමක් නොමැති හේතුව – ගම්මන්පිලගෙන් නිවේදනයක් !

colombotoday