Colombo Today Local News

අණ නොතකා යාත‍්‍රා කල යාත‍්‍රාවකට වෙඩි තැබූ නාවික සෙබළු 12ක් රක්ෂිත බන්ධනාගාරයට

සැක කටයුතු යාත‍්‍රාවකට වෙඩි තැබීම සම්බන්ධයෙන් නාවික හමුදා සෙබලූන් 12 දෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.


ඒ ඔවුන් ඊයේ ත‍්‍රීකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.ඔවුන් හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
අගෝස්තු මස 28 වනදා රාත‍්‍රියේ කොකිලායි මුහුදු තීරයේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත‍්‍රාවක් අණ නොතකා යාත‍්‍රා කල වෙනත් යාත‍්‍රාවකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළා.ඉන් යාත‍්‍රාවේ සිටි පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලැබු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
නාවික හමුදාව විසින් සැකකරුවන් කුච්චවේලී පොලිසියට භාර දී තිබුණේ පසුගිය 29 වනදායි.පසුව සැකකරුවන් ත‍්‍රීකුණාමලය වරාය පොලිසියට භාරදීමෙන් පසු ත‍්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කර තිබෙනවා.


සිද්ධියට සම්බන්ධ නාවික නිළධාරීන් දෙදෙනෙකු සහ සෙබලූන් 10 දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබාගෙන මුදාහැරීමට පොලීසිය පියවර ගෙන තිබුනේ ඔවුන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවයි.


මේ සම්බන්ධයෙන් පසුගිය 30 වනදා ත‍්‍රීකුණාමලය මහේස්ත‍්‍රාත්වරයා වෙත පොලිසිය කරුණු වාර්තා කර තිබෙනවා.එහිදී වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබු සැකකරුවන් මහේස්ත‍්‍රාත්වරයා වෙත ප‍්‍රකාශයක් ලබාදමින් සදහන් කර ඇත්තේ නාවික හමුදා වෙඩි පහරින් සහ පසුව සිදුකළ පහරදීම් වලින් තමන්ට තුවාල සිදුවු බවයි.


මෙම චෝදනා සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවල ප‍්‍රගතිය අධිකරණයට වාර්තාකළ අවස්ථාවේදී නාවික හමුදා නිළධාරීන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. වෙඩිපහරින් තුවාල ලැබු සැකකරුවන් ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

Related posts

අරක්කු, සිගරට් මිළ ඉහළට, අලුත් වාහනවලට අලුත් බද්දක්, 5 වැනිදා ගේන අයවැයෙන් වෙන්න යන දේවල් මෙන්න

colombotoday

විඩියෝ කරන්න දුන්න නිදහසින් අයුතු ප්‍රයෝජන අරගෙන

Admin

අම්පිටියේ සුමනරතන හිමි මඩකලපු දිසාපතිටත් ඇඩෙන්නම කියයි ! (Video)

colombotoday

Video: බොදු බල සේනා දිවිසරණින් වැලිවිට ජනතාවට අස්වැසිල්ලක්

colombotoday

ඉන්දියාව – ශ්‍රි ලංකාව අතර ගුවන් ගමන් නැවතත්

colombotoday

ආවා මඩින්න යාපනයේ පොලිස් පාපැදි මුර සංචාර කණ්‌ඩායමක්‌

colombotoday