තමා අගමැතිලෙස සිටින ආණ්ඩුවෙන් නව කැබිනට් මණ්ඩලය බ්රහස්පතින්දා දිවුරුම් දෙන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා එජාප පසුපෙල මන්ත්රීවරුන් සමග ප්රකාශ කර ඇත.
අද (17) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, සුසිල් ප්රේමජයන්තලා ඇතුළු ශ්රීලනිපයේ පිරිසක් විපක්ෂයට යෑමට නියමිත බවයි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට පහර දිමට කාලය එළඹ ඇතැයි යන්න තරුණ මන්ත්රීවරුන් පවසද්දී අගමැතිවරයා පවසා ඇත්තේ, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මුහුණදී සිටින අර්බුදය තේරුම්ගෙන සන්සුන්ව කටයුතු කරන ලෙසයි.