Colombo Today Local News

ෆේස්බුක් වැරදි අපරාධ නීතියට ඇතුළත් කරයි. වැරදි කළොත් දැඩි දඩුවම්

facebook handcuff

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි හරහා පෞද්ගලිකත්වයට හානි කිරීම සහ අපහාස කිරීම මෙරට අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් කිරීම සඳහා නීති කෙටුම්පත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව අධිකරණ අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රජයේ නීති කෙටුම්පත් සම්පාදක ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ අරුණ ශාන්ත ද සිල්වා රචිත ග්‍රන්ථයක් අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම සඳහා ඊයේ පැවැති උත්සවයකදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර සිටියා.

මීට අමතරව බෙදුම් නඩු කඩිනම් කිරීම ඇතුළු අධිකරණ ක්‍රියාමාර්ග වේගවත් කිරීමට සහ කාර්යක්ෂම කිරීමට අදාළ යෝජනා රැසක්ම ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව ඉදිරිපත් කර තිබෙනවා. අදාළ යෝජනා කෙටුම්පත් ලෙස ඉදිරියේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද පනත් කෙටුම්පත සකස් කර අවසන් බවත් එය ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවත්, අමාත්‍ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් සදහන් කළා.

Related posts

සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

පසුගිය මහ මැතිවරණයේදී නීතිඥ ලක්ෂ්මන් වසන්තට සහය නොදැක් වූ මාතලේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද ජනපති හමුවෙයි

colombotoday

මහ බැංකු අධිපතිට කැබිනට් අමාත්‍ය වරප්‍රසාද

colombotoday

වෛරයෙන් නොව බුද්ධියෙන් කතිරය ගහන්න

Admin

රත්ගම සැකකටයුතු මළ සිරුරු දෙකක්

colombotoday