Colombo Today Local News

වෛරයෙන් නොව බුද්ධියෙන් කතිරය ගහන්න

වෛරයෙන් නොව බුද්ධිමත්ව තීන්දු තීරණ ගෙන නොවැම්බර් ඡන්දය භාවිත කරන ලෙස සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීින් බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලයි.

“මිනිස්සු මාලිමාවට ඡන්දය දුන්නේ ඇයි? මිනිසු තුළ වෛරයක් ඇති කළා. ඒ වෛරය මත පදනම්ව තමයි සැප්තැම්බර් 21 මාලිමාවට ඡන්දය දුන්නේ. 225ම හොරුයි කිව්වා. මේ රට අවුරුදු 76ක සාපයකට ලක්වුණා කිව්වා. ඒ අවුරුදු 76 සපයා ගැන කියල මෙතෙක් කල් බලයේ හිටපු පාර්ශ්වයන් ගැන වෛරයක් ඇති කළා.

ඒ වගේම රාජ්‍ය සම්පත් භුක්ති විදිනවා කිව්වා. සැප වාහනවල යනවා කිව්වා. නිල නිවාස පාවිච්චි කරනවා කිව්වා. ජනාධිපති මන්දිර අයින් කරනවා කිව්වා. නිල නිවාස අයින් කරනවා කිව්වා. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරනවා කිව්වා. මේ විදිහට වෛරයක් හැදුව සමාජය තුළ. ඒ අනුව තමයි සැප්තැම්බර් 21 මේ රටේ මිනිස්සු මාලිමාවට ඡන්දය දුන්නේ. ඒ වෛරය මත පදනම්ව.

දැන් මොකක්ද අපි ජනතාවට කියන්නේ. නොවැම්බර් මාසේ ඡන්දේ දෙන ජනතාව දැන් වෛරය පහකරගෙන තියෙන්නේ. බුද්ධිය මත පදනම්ව ඡන්දෙ දෙන්න. තමන්ගේ බුද්ධියට අනුව තීන්දු තීරණ අරන් ඡන්දේ දෙන්න කියල තමයි ඉල්ලන්නේ.”

Related posts

‘රාජපක්ෂලා, මෛත්‍රීට සහයනොදීම බරපතල අපරාධයක්’ – මහාචාර්ය නලින් ද සිල්වා

colombotoday

ජනපති රෝහල්වල ධාරිතාව ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

ජනාධිපතිවරණය පිලිබද නිවේදනයක්

Admin

ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 220කට කොරෝනා

colombotoday

හිටපු මන්ත්‍රීට තඩිබෑ රෝසිගේ නෑයා රිමාන්ඩ්.. රෝසිගෙන් අධිකරණයටත් බාධා !

colombotoday

නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සූදානම් !

colombotoday