Colombo Today Local News

හිටපු ජනපතිනි චන්ද්‍රිකාට කාර්ය මණ්ඩලයේ විරෝධය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක  හිටපු ජනපතිනි චන්දිකා බණ්ඩාරනායක කුමාරණතුංග  මහත්මිය ‘ අපි ශ්‍රී ලංකා‘ කණ්ඩායම ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණයට හිටපු ජනපතිනියගේ  කාර්යමණ්ඩල අධ්‍යක්ෂව ජස්ටින් නවරත්න මහතා විරෝධය පල කර එම කටයුතුවලින් ඉවත්ව සිටී.
 
කාර්ය මණ්ඩල අධ්‍යක්ෂවරයා සමග සේවක පිරිසේ   වැඩි පිරිසක් ද මෙම තීරණයට විරෝධය පළ කර ඇත.
 
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය  ‘අපි ශ්‍රී ලංකා‘ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ජාතික ව්‍යාපාරය  ආරම්භ කරමින් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීමට එක්වීම සම්බන්ධව මෙම පිරිස ඇය හමුවී  මෙම තිරණයට විරෝධය පල   කර ඇත.
 

මේ සම්බන්ධව කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජස්ටින් නවරත්න මහතාගෙන් ( 4 ) කළ විමසීමේදී පැවසුවේ තමන් නිශ්ශබ්දව පැත්තකටවී බලා සිටින බවයි. පසුගිය වර ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කළේ ඔහු අපේ මිනිහෙක් නිසයි.  නමුත් මෙවර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට ගිවිසුම් ගතව සහායදීමට යාමෙන් අපි එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනවා.  මට විවිධ ඉල්ලීම් එනවා. නමුත් කාටවත් උදව් නොකර මේ ටිකේ නිශ්ශබ්දව ඉන්නේ. යැයි  නවරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 
තමන් පැත්තකට වී සිටියත් සහකාර අධ්‍යක්ෂවරයා සිරිත් පරිදි කටයුතු කරන බවද ඔහු කීවේය.

Related posts

ආර්ථික වර්ධන වේගය 2.9%කට ඇද වැටේ…

colombotoday

එජාප නායකත්වයේ වෙනසක් ගැන නවීන් කියයි

colombotoday

“ෆෙඩරල් ව්‍යවස්ථාව ඉක්මන් කරනු“ – දෙමළ පක්ෂවලින් රජයට රතු එළි !

colombotoday

විදේශ කටයුතු ඇමති අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අමතයි

colombotoday

සන්ෂයින් සුද්දා ඝාතනයට අනියම් බිරිඳගේ සැමියා අත්අඩංගුවට

colombotoday

”අඩු තරමේ මංගලටවත් නොකිය ඉන්න තිබුණා…” රෝහිතගේ මගුලට ආරාධනා නොලැබූ මධුමාධව බුකියේ දාපු පොස්ට් එක..

colombotoday