Colombo Today Local News

සජිත් කබ්බෙක්.. ‘ශ්‍රී මුඛය’ වැනි අනවශ්‍ය කුණුහරප කියන්න ගිහින් කෙලොගත්තා- රංගේ බණ්ඩාර

ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ තිබූ සැලසුම අනුව වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කලේ නම් සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

පක්‍ෂයේ සැලසුමෙන් පිට ගොස් ‘ශ්‍රී මුඛය’ වැනි අනවශ්‍ය කුණුහරප කතා කියූ නිසා පරාජය වූ බව ද රංගේ බණ්ඩාර මහතා පැවසීය.

‘කට හින්දා කේලෝගෙන අපිට කියලා වැඩක් නෑ. මාළුවත් කෙලෝගන්නෙ කට නිසා. එයත් කෙලෝ ගත්තේ කට නිසා’ යයිද ඔහු කීය.

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයට නම් දැන් කබ්බෙක්යි යයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (8)දින පැවැති උණුසුම්කාරී තත්වයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

Related posts

තිලකරත්න ඩිල්ෂාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.

colombotoday

විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට අලි ප්‍රහාරයක්… අයෙක් මරු දකී

Admin

ඇඟිල්ලක් නිසා ඡන්ද මධ්‍යස්ථානයක් උණුසුම්

Admin

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

ගෑස් මිල ඉහළ යන ලකුණු

Admin

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday