Colombo Today Local News

“සංහිදියාව” එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ අවශ්‍යතා ඉටුකිරීමක් – චම්පික යලිත් ජාතිකවාදයට

සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බළකාය විසින් ජනවාරි 03දා එළිදැක්‌වූ වාර්තාව එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ අවශ්‍යතා ඉටුකිරීමක් බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පසුගිය (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

දෙමළ ජාතිකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සංහිඳියා කාර්ය සාධක බළකාය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් කරුණු දක්වා ඇතත් සිංහල ජනතාවගේ අයිතීන් පිළිබඳ එමගින් කරුණු දක්වා නොමැති බව ඇමතිවරයා එහිදී පැවසිය.

දෙමළ ජනතාවට මේවනවිට සෑම ආකාරයකින්ම ආර්ථික නිදහස ද ලැබී ඇති බව පැවසු ඇමතිවරයා, උතුරේ ජනතාවට ලැබී ඇති නිදහස තවමත් දකුණේ සිංහල සහ මුස්ලිම් ජනතාවට ලැබී නොමැති බව ද කියා සිටියේය.

දකුණේ ප්‍රදේශවල දෙමළ ජනතාව පදිංචි වෙනවා සේම උතුරේ ප්‍රදේශවල සිංහල සහ මුස්ලිම් ජනතාව පදිංචිවීමේ අයිතිය පිළිබඳව මෙම සංහිඳියා වාර්තාවෙන් වචනයක්වත් කතා කර නොමැති බව සඳහන් කල ඇමතිවරයා, බුද්ධාගමට තවමත් රටේ රාජ්‍ය ආගමක තත්ත්වයක් ලැබී නැති බවත් පැවසිය.

Related posts

මහ බැංකුවෙන් හොරා කෑ මුදල්වලින් සමහරුන් පත්තර, රූපවාහිනී නාලිකා ගන්න හදනවා

colombotoday

විල්පත්තු ගිය මාධ්‍යවේදියෙකුට මුස්ලිම් පිරිසක් වටකරගෙන පහර දෙති

colombotoday

ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සහ තබ්ලික් ජමාත් අතර මාතලේ දී ගැටුමක්

colombotoday

සිමෙන්ති කොට්ටයක් රු. 500කින් ඉහළට

colombotoday

ගල්ගමුවේ නිවසක් තුළ මළ සිරුරු 03 ක්

colombotoday

මියගිය සංක්‍යාව 160 දක්වා ඉහලට

colombotoday