මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්වීමට සහභාගිවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට අවසර ලබා දී ඇත.
ඒ අනුව බන්ධනාගාර අධිකාරිගේ අවසර ලබාගෙන මඩකලපුව දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමට ඔහුට සහභාගිවිය හැකි බවට විනිසුරු ටී සිසෛදාසන් මහතා පැවසීය.
සිවනේසතුරයි මහතා මඩකලපුව දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමට සහභාගිවීමට අනුමැතිය ඉල්ලා ගොනුකරන ලද නඩුව මඩකලපුව මහාධිකරණයේ අද (02)දින විභාගයට ගන්නා ලදි. ඒ මහතා දැඩි ආරක්ෂක රැකවරණ මැද අධිකරණයට කැදවන ලදි.