Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවතත් පිබිදෙමින් පවතිනවා – IMF වෙතින් සහතිකයක් !

පසුගිය වසරේ අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඒ අනුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7ක් බවට පත්වෙනු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජනවාරි 29 දා සිට පෙබරවාරි 7 දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ කළ සංචාරයකින් අනතුරුව නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වෙයි.

පසුගිය වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාවේ නිශ්පාදන ක්ෂේත්‍රයේ හා සංචාරක ක්ෂේත්‍රයේ පුනර්ජීවනයක් ඇතිව තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

කෙසේ වෙතත් චීනයේ මේ වන විට ව්‍යාප්තවී තිබෙන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිංචාරක ව්‍යාපාරයට සීමිත බලපෑමක් ඇති කරනු ඇති බවත් මේ වසරේදී ශ්‍රී ලංකාවේ උද්දමනය 4.5ක අගයක පවතිනිනු ඇති බවත් මූල්‍ය අරමුදල පවසයි.

එසේම වෙළඳ ගිණුමේ හිඟය 2020 වසරේචදී දළ දේශීය නිශ්පාදිතයෙන් 3%ක අගයකින් වැඩිවෙනු ඇති බවත් මූල්‍ය අරමුදල පවසයි.

එසේම මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ සිදුකළ බදු කපා හැරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හිගය දළ ජාතික නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 1.9කින් ඉහළ යුනු ඇති බවද මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ තරග කාරිත්වය හා ආර්ථික වර්ධනය සඳහා තවදුරටත් තරගකාරිත්වය වර්ධනය කිරීම හා ආයතනික ප්‍රතිසංස්කරණයන් සිදුවිය යුතු බවත් මූල්‍ය අරමුදල පවසයි.

Related posts

සංවිධානාත්මක අපරාධ කල්ලි වලට සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙකු සිදුකල විශේෂ මෙහෙයුම් වලදී අත්අඩංගුවට

Admin

යුද්ධය ඉවරකරලත් අපට සැනසිල්ලක් නෑ – සිරගත කළ රණවිරුවෙකුගේ බිරිඳ කදුළු සගවමින් කි හැගීම්බර කතාව

colombotoday

ගොවීන් වෙනුවෙන් භුමිතෙල් බවුසර් 87ක් නිකුත් කෙරේ..

Admin

අවුට් වෙලා ක්‍රීඩාගාරයට යද්දී හූ හඩ මැද්දේ බංගලි ක්‍රීඩකයෙක් කරපු කැත වැඩේ (Video)

colombotoday

මැතිවරණ කාර්යාලය අසලදී හිරුනිකාට හූ සංග්‍රහයක්

colombotoday

නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබ අධිකරණයට

Admin